1st Chapter ❄️

24 4 12
                                    

Seol's Pov :

" Ah Seol ඉක්මනට මේ පැත්තට එන්න. "
Liu මැතිනිය මට කතා කරනවා ඇහුනා.

" මෑණියනි, මොකක් හරි ප්‍රශ්නයක්ද? "
මම මැතිනිය ලගට ගිහින් ඇහුවා.

" එහෙම නෑ. " එයා මගේ අත් දෙක අල්ලගෙන හිනා උනා. " පියාණන් ඔබට මංගල යෝජනාවක් ගෙනල්ලා. "

මගේ ඇස් දෙක ගැලවිලා එලියට පැන්නෙ නැති ටික විතරයි මං මැතිනිය දිහා පුදුම වෙලා බලන් හිටපු විදියට.
* මට මොනවද මේ වෙන්න යන්නේ? තාම හරියට අවුරුදු විසි දෙකක්වත් නෑ මං මේ දන්නේ නැති ලෝකයක දන්නේ නැති මිනිහෙක්ව කසාද බදින්නද යන්නේ?*

මේක නිකන් හරියට time traveling එකක් වගේ කිව්වොත් වැරදි නෑ. දැන් මාස අටකට විතර කලින් මායි මගේ නංගිලා දෙන්නයි එකපාරටම මේ දන්නේ නැති ලෝකෙට ආවා. ඒක නිකන් හරියට නිදාගෙන නැගිට්ට ගමන් ඔයා ඉන්නේ ඔයා නිදන් හිටපු තැන නෙමෙයි වෙනම තැනක වගේ දෙයක්.

පුදුමෙටත් එක්ක මේ හැමදෙයක්ම අපි බලලා තියෙන Chinese historical drama එකක් වගේ. මේ මිනිස්සුත් Chinese අය. ඒත් මේ කාටවත් මායි මගේ නංගිලා දෙන්නයි එයාලට වඩා වෙනස් කියලා කිසිම ගානක් නැහැ. ඒ මදිවට අපේ අම්මායි තාත්තායි මේ රාජධානියේ අග්‍රාමාත්‍ය තුමායි එයාගේ බිරිදයි.
මොන දේ උනත් මගේ හිතට සැනසීමක් ගෙනාපු එකම දේ අපි තුන්දෙනාම මෙහෙදිත් එකට ඉන්න එක.

" Ah Seol , ඔයා දන්නවද කවුද ඒ කියලා? "
මැතිනිය ආපහු අහපු ගමනුයි මං ආපහු පියවි සිහියට ආවේ. මං එයා දිහා බලලා ඔලුව වැනුවා දන්නේ නැහැ කියන්න.

එක අතකට මං කොහොමද දන්නේ ඒ කවුද කියලා. අග්‍රාමාත්‍ය තුමා අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් ලේසියෙන් එලියට යවලා නෑ. ඒකත් යැව්වත් ආරක්ෂකයෝ දහයක්වත් එක්කෙනෙක් එක්ක යනවා. මං දන්නෙ නෑ එයාට අපි තුන්දෙනාගේ මොනවා එච්චර පරිස්සම් කරන්න තියෙනවද කියලා.

මම කල්පනා කර කර ඉද්දියි තේරුනේ මැතිණිය මං කසාද බඳින්න ඉන්න කෙනා කවුද කියලත් කියලා ඉවරයි කියලා. ඒත් මට එක අකුරක් ඇහුනේ නෑ. 

" පියාණන් ඉතුරු දේවල් බලාගනියි. ඒ නිසා කලබල නොවී ඔයාගේ කුටියට වෙලා ඉන්න. " මැතිනිය මගේ මූන අතගාලා ගියා.

UnexpectedOnde histórias criam vida. Descubra agora