4th Chapter ❄️

20 3 4
                                    

Mia's Pov :

Hiruට Liu මැතිනිය වැඩක් පවරපු නිසා අද මායි Seolලුයි විතරක් එලියට ආවා ඇවිදින්න.

" මාලිගාවට ගියාම මට මෙහෙම එලියට එන්නත් බෑ නේද? " Seol එහෙම කියලා මගේ අත කෙනිත්තුවා.

" ඉතිං ඒකට මාව කොනිත්තන්න ඕනෙද? "
මාත් එයාව කොනිත්තන ගමන් කිව්වා.

" මට ඔයාව ගොඩාආආආආක් මතක් වෙයි. " එයා එකපාරටම මාව එයා ලගට ඇදලා අරන් බදාගෙන කිව්වා.

මං දන්නවා . Seol නිකන් ඉන්න වෙලාවට කොච්චර නම් මට කරදර කරනවද. එයාට මාව දැක්කාම එයාගේ අත පය පාලනය කරගන්න අමාරුයි. ඒත් මාලිගාවට ගියාම එයාට ඒ මුකුත් කරන්න බෑ.

අපි දෙන්නා එක දිගට ගොඩක් වෙලා ඇවිද්දා ඒත් Seol වෙනදා වගේ දගලන්නෙ නෑ. එයා ඉන්නේ ගොඩක් අවුලෙන් වගේ.

" බය වෙන්න එපා. " මං කිව්වා.

                  🌁

Yanjun's Pov :

කලින් දවසෙ කොන්ඩෙ කට්ට ගන්න තැන හිටිය කෙල්ලව මම තව කෙල්ලෙක් එක්ක වීදියේ ඇවිදන් යනවා දැක්කා.

මම ගිහින් එයාලගේ පිටිපස්සෙන් හොරෙන් ඇවිදන් යන්න තීරණය කරා. කලින් දවසෙ Justin කිව්වා වගේ ඇත්තටම එයාලා වෙනස්ද කියලා බලන්න.

" බය වෙන්න එපා. " අනිත් ගෑනු ළමයා කිව්වා.

" බය නොවී කොහොමද? කවුද දන්නේ කුමාරයා මොන වගේ කෙනෙක්ද කියලා. "
ඒ කෙල්ල කිව්වා.

කුමාරයා? එයාලා කතා කරන්නේ මං ගැනද? ඒත් ඇයි?
මං තව චුට්ටක් එයාලට ලං වුනා හොදට එයාලා කියන දේවල් ඇහෙන්න.

" කුමාරයාගේ නම කියලා හයියෙන් කතා කරන්න එපා. " අනිත් ගෑනු ළමයා කිව්වා.

" මට බෑ. මට ඕනෙ නම් මං කතා කරනවා හයියෙන්. " කලින් දවසෙ මට හම්බවුන ගෑනු ළමයා කිව්වා.

" Seol ඔයා කසාද බඳින්න කලින් කරදරේක පැටලෙන්න හදන්නේ. "

මොකක්ද ඒකෙ තේරුම? ඒ කියන්නේ මෙයාද අග්‍රාමාත්‍ය තුමාගේ දුව?

" Mia , අපි බලලා තියෙන කතා වගේ නෙමෙයි. කවුද දන්නේ කුමාරයා බඩ තඩි ගෑනු පෙරේතයෙක්ද කියලා. ඌරෙක් වගේ කන... "

UnexpectedDonde viven las historias. Descúbrelo ahora