short story

519 85 39
                                    

ගෙවුණු වසර තුන පුරා කොතෙකුත් සිදුවීම් සිදුවී ඇතිමුත් ඒ සියල්ලගේම සමස්ථය මාගේ ජීවන රටාව සිතුම් පැතුම් සියල්ලක්ම බොහෝ සෙයින් වෙනස් කරලීමට සමත් වී ඇතිසෙයකි.

කලකට පෙර සල්ලාල තරුණයකුගේ ජීවිකාව ගෙන ගිය මා අද වන විට මනා හික්මීමක් සහිත වූ වෙකු වූයේ කෙසේ දැයි කල්පනා කරමින්ම මා මුහුදු රළ දෙස බලා හිදින්නට වුණි.

විටෙක බිදෙමින් නැවත ඇති වෙමින් යන රළ දෙස බලමින් කල්පනාවෙහි නිමග්නව සිටි මගේ ඇස ගැටුණේ දිගු ගව්මක් හැද පෙම්වතෙකු යයි කිව හැකි තරුණයකු සමග සිටිනා තරුණියකි. කෙසග සිරුරත් දණහිස දක්වා වුත් දිගු කෙස් කලබත් මා හට සිහිපත් කර වූයේ නුබමය....

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

"මචං දසුනයා තෝ කොහෙද මිනිහෝ ඉන්නෙ..."
..................

"ඔව් එතන තමයි. ඉක්මනට වරෙන්."
..............

මාගේ අතිජාත මිතුරා එනතුරු මුහුදු වෙරළට වී සිටි මට අහම්බෙන් නෙත ගැටුනේ නුඹයි. නුඹ වෙනදා මෙන් නොව මිතුරියක් යැයි කිව හැකි තරුණියක් සමග මුහුදු වෙරළට පැමිණ තිබුණි. එය මට තරමක පුදුමයට කරුණක් වූයේ නුඹ නිතරම ගමන් ගන්නෙ මව හෝ පියා සමග පමණක් වීම නිසාය.

මසක කාලයක් පුරා නුඹව ලුහුබැඳ ගියද එකදු බැල්ලමක් වත් මා වෙත නොපෑ නුඹ කෙරේ මට වූයේ කෝපයකි. තරුණියන් වශී කරනා තරම් කඩවසම් බවකින් යුත් මා කෙරේ නුඹ දක්වන මේ ප්‍රතිචාරය මා හෑල්ලු කරන්නක් විය. එය මගේ ප්‍රතිරූපය කෙරෙහි බොහෝ අයහපත් ආකාරයෙන් බල පෑ බව නම් කිව යුතුමය.. මද වේලාවක් ඈ දෙස බලා සිටින විට අනෙක් තරුණිය ඈ තනිකර ඉවතට ඇදුණි. ක්ෂණයකින් ඈ වෙත මා ගමන් කරන්නට වූයේ මෙය මා කෙරෙහි ඈ නම්මා ගැනිමට මෙය මහගු අවස්ථාවක් වූ බැවිණි. මෙවැන්නක් ආයෙත් නොලැබෙන බව නම් මා හොදාකාරවම දනිමි...

"නංගි මට චුට්ටක් ඔයා එක්ක කතා කරන්න පුලුවන් ද?"

තරමක වැදගත් බවක් ආරූඪ කරගත් මා එසේ ඇගෙන් ඇසුවේ කතාවට මුල පිරීමක් ලෙසය. නමුදු ඇය මා දෙස බලා නැවත් ඉවත බලා ගත්තේ මා නොසලකා හරිමිණි. තරමක කුකුල් කේන්ති කාරයෙකු ද වූත් තරුණියකගෙන් මෙවන් ප්‍රතිචාරයක් කිසිදාක නොලද මාගේ කේන්තිය ඉහවහා යන්නට විය. ක්ෂණයකින් ඇගේ අතකින් අල්ලා ගත් මා

"ඇයි තමුසෙට මාත් එක්ක කතා කරන්න බැරි. තමුසෙගෙ මොකක්ද එච්චර ලොකුකම?"

මා තව තවත් ග්‍රහණය වැඩි කරමින් ඈ හට බැන වැදුණි. මාදෙස බලා උන් ඇගේ දෙනෙතින් නොකඩවා කදුලු වැල් වැටුණු නමුදු එකදු වචනයක් මුවින් පිට නොවුණි. කවුරුන් හෝ එක්වරම එල්ල කල කම්මුල් පහරින් මා ඒ දෙසට හැරුණි. මා දුටුවේ ගිනි ගත් දෑසින් මා දෙස බලා සිටිනා අනෙක් යුවතියයි. ග්‍රහණය ලිහිල් වූයෙන් ඇය ගොස් අනෙක් තරුණිය වැලද ගන්නට විය.

"බබ..බ...බබයයි....බයයි.....බයයි..."

"අ..අඅම්මා.....ඕනි.......අම්මා.....අම්.....මා....අම්....මා"

කුඩා දරුවෙකු මෙන් අඩමින් යන්තම් අපහසුවෙන් වචන ගලපන ඈ මම වික්ෂිප්ත ව බලා සිටීමි. එක්වරම අනෙක් තරුණිය,

" තමුසෙට ලැජ්ජාවක් නැද්ද මිනිහෝ..
හරියට කතා කරගන්නවත් බැරි මේ අහිංසකීට කරදර කරන්න....තමුසෙ නම් මහ තිරිසනෙක්...."

ඇයව වත්තම් කරගෙන අනෙක් තරුණිය ඈතට පිය නගින අයුරු මා බලා සිටියේ මා ගැනම උපන් පිලිකුලෙනි....

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

එදින එම සිදුවීමෙන් පසු වසර ත්‍රිත්වයක් පුරා දිනපතා ඇය අවසන් වරට හමු වූ මේ වෙරල තීරයට දිනපතා පැමිණිය ද අද වනතුරු ඇයගේ රූප ජායාවක් වත් දැකීමට තරම් වාසනාවක් මා හට නොලැබුණි.

නමුදු අද වනතුරා ඇය හමු වීමේ ඇති බලාපොරොත්තුව දශමයකදු අඩු වී නොමැත. එදා සිට අද දක්වා ඇය හට හදවතෙහි සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇති බව නම් සත්‍යයකි.

මෙය ආදරය ද? ප්‍රේමයද ? අනුකම්පාවද? නොඑසේ නම් පසුතැවීමද ?

නොදනිමි..💗

( නිමි )

Short StoryWhere stories live. Discover now