මගේ ඇස් ඉස්සරහම එයා වැටුණෙ ලේ පෙරාගෙනම... 😣
🔘"උදව් කරන්න... කවුරු හරි එන්න..."
"දිනූ.. දිනූ... "
"ජින්.. ජින්... හ්යොන්ග්... එන්නකො.."මන් පුලුවන් ඉක්මනට ළඟට දුවගෙන ගියත් මට කරන්න පුලුවන් දෙයක් තිබ්බෙ නෑ... ඇස් වලින් කදුළු වැක්කෙරෙද්දි මන් කලේ මතක් උන හැම නමම කියල උදව් ඉල්ලපු එක.... කෙල්ලව උස්සගගෙන යන්න හැදුවත් ඒකෙන් වීදුරුව තවත් ඇතුලට යාවි කියල මන් ගොඩක් බය උනා...
🔘 "රියා මැනික.. කින්චනා...? හෙලවෙන්න එපා.. දඟලන්න එපා.. ඔහොමම ඉන්න චෙබල්...ඔයාට මොනවත් වෙන්නැ... මන් ඉන්නවනෙ.."
එයා ඇස් පිය ගහ ගහ අමාරුවෙන් මන් දිහා බලන් හිටියා... මේ වෙලාවෙ කරන්න ඕනි මොනවද කියල මන් දැනගෙන හිටියෙ නෑ...
🔘"ඇස් පියා ගන්න එපා... ඇස් ඇරන් ඉන්න.. මන් ඉන්නවනෙ ළඟ... අරස්සෝ ? "
මට හිතුණෙම මෙයා ඇස් පියා ගත්තොත් ආයෙම ඇස් අරින එකක් නෑ කියලමයි...😢
වීදුරු කෑල්ල ඇනුණු තැනින් ලේ ගොඩක් යනවා... මට බලන් ඉන්න බැරි තරම්... එයා තාමත් එක අතකින් වීදුරු කෑල්ල අල්ලගෙන ඉන්නෙ... මේ වෙලාවෙ මන් ගොඩක් අසරණ උනා... මට පුලුවන් උනේ කදුළු යන ඇස් වලින් එයා දිහා බලන් ඉන්න එක විතරයි...
මගේ සද්දෙ ඇහිල ස්ටාෆ් එකේ දෙතුන් දෙනෙක් මේකප් රූම් එකට ඔලුව දාල බැලුවා...
🔘"උදව් කරන්න... පල්ලි වා..(ඉක්මනට එන්න) "
එයාලගෙ උදව්වෙන් රියාව හොස්පිට්ල් අරන් යන්න මට පුලුවන් උනා...
.......time passed..................
මන් හිටියෙ හොස්පිට්ල් එකේ... වෙව්ලන අත් දිහා බලාගෙන... ඒවා ලේ වලින් පිරිලා තිබුණා... ඒක නපුරු හීනයක් වගේ.. මගේම ඇස් ඉස්සරහ ඒ දේවල් ආයෙ ආයෙම මැවිල පෙනෙද්දි මට මන් ගැනම කලකිරීමක් ඇති උනේ මේ හැමදේටම මුල මන් නිසා..
එයාව සර්ජරි එකකට අරන් තිබුණා.. දිනූ නැති නිසා බාරකාරයා විදියට මන් අත්සන් කලා... මේ වෙලාවෙ මට එයා වෙනුවෙන් කරන්න පුලුවන් උන එකම දේ ඒක....😣 කවදාත් මට මේ තරම් බයක් වගේම වේදනාවක් එකට දැනිල තිබුණෙ නෑ... අඩුම මන් ගැනවත්... එයාට මොනව හරි උනොත් මන් මටම සමාවක් දෙන එකක් නම් නැති වෙයි...
BẠN ĐANG ĐỌC
❤️ Riya ❤️ [COMPLETED]
Fanfictionසිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕