Chapter 13

2.8K 585 34
                                    

Still min soo pov

උන දේවල් ගැනම හිත හිත මම යුන්ගි ඔප්පගේ කාර් එකට නැග්ගේ වැටුන කදුලු බින්දුත් පිහිදන ගමන්.... එහෙම්ම මම ඇස් පියාගත්තේ කාර් එක බනීගේ ගෙදර පහු කරන් යද්දියි....

Few minutes later

- " මින්සූ බහින්න ලමයෝ... "

යුන්ගි ඔප්පා කියද්දි මම ඇස් ඇරියේ අමාරුවෙන්. කදුලු පිරුන ඇස් දෙකත් පිහිදන් මම වටපිට බැලුවේ හුරුපුරුදු තැනක් වගේ දැනුන නිසයි...

යුන්ගි ඔප්පා කාර් එක අරන් ආවෙ ජිමින් ඔප්පගේ ගෙදරට.. මම යද්දි ලියෝන් වගේම තවත් කීපදෙනෙක්ම ඇවිල්ලා හිටියා...

- " මින්සූ මේ සේරමලා ජන්ග්කුක්ගේ කට්ටිය බය වෙන්න දෙයක් නෑ... එන්න... "

යුන්ගි ඔප්පා කිව්වා.. මම කාර් එකෙන් බහිද්දි මගේ ලගට දුවන් ආවේ දෝ මින්ජුන්... මගේ දුක ටිකකට නැති උනේ මින්ජුවගේ විකාර දැකලයි..

මම ගේ ඇතුලට යද්දි මගේ බෑග් අරන් තවත් කෙනෙක් ඇතුලට ආවා...

- " හ්‍යුන්ග් එයාට ගැලපෙන්නේ මේක... පේන්නේ නැද්ද මේ පාට හොදට මැචින් "

- " නිල් පාට හොදයි යෝධයෝ... ගැලපෙනවා... "

මම යද්දි ටේ ඔප්පයි ජූන් ඔප්පයි බර වලියක... දෙන්නා ගෙදර කර්ටන් වලට රන්ඩු කරනවා...

-" උබලා දෙන්නා ඔතන මොන මංගල්‍යක්ද කරන්නේ... "

යුන්ගි ඔප්පා ඇහුවා..

- " නෑ හ්‍යුන්ග් දැන් මින්සු මෙහේ ඉන්න එකේ ලස්සනට තියෙන්නෙපැයි... ජිමිනා ඉතින් ගෙදර ඉන්න මිනිහෙක් නෙමේ නේ... "

- " ඒක තමා මම කිව්වේ යුන්ගියා.. මේ පාට තමා හොද මින්සුට "

-" අහේතු කාලෙන කජ්ජේන පුහුලන් කිව්වලු "

යුන්ගි ඔප්පා කිව්වේ කියන්න දෙයක් නැති කමට..

- " මුකුත් කරන්න ඕනේ නෑ අනේ... මම කොහොමත් වැඩි දවසක් ඉන්නේ නෑ... ඩිවෝස් එක දුන්න ගමන් දේගු යනවා... "

-" මොහ්... "

මම බිදුනු කටහඩකින් කියද්දි ඔප්පලා තුන්දෙනාගේ කටවල් බාගෙට ඇරිලා... ටේ ඔප්පා නම් ශොක් වෙලා වගේ... මට කට්ටියගේ මූනු දැකලා හිනා ගියත් ඒ හිනාව වැඩි වෙලාවක් තිබ්බේ නෑ...

PSYCHO  || JJK  ✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin