Chapter 14

3K 599 73
                                    

- " මියානේ මින්සූ ....."

-" ම්...මං... මේ..... මොකද... කරගත්තෙ.... කොහෙද .. ඉන්නේ.... කියලවත්.....කියන්න "

ඇද ලගම ඉදපු ජන්ග්කුක්ගේ ඇස් වලින් එක දෙක වැටුන කදුලු බින්දු වැඩි වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ... කොල්ලා මින්සුට සලකපු හැටි වගේම මින්සූ ඒ දේවල් ඉවසන් හිටපු හැටිත් කොල්ලට මතක් වෙද්දි දැනුනේ කියාගන්න බැරි තරම් දුකක්

පැය කීපයක්ම අඩපු ජන්ග්කුක් මින්සුගෙ ඇදෙන්ම හාන්සි උනේ මින්සුගේ සුවඳ ඒ ඇද ඇතිරිලි වල හොදින්ම දැනුන නිසයි..

එලිවෙනකන්ම අඩපු කොල්ලට නින්දක් අහලක්වත් නොවුන නිසා ගෙදරම තිබුන වයින් බෝතලයක් අරගෙන බොන්න පටන් ගත්තා...

_______________________________________

Time passed.........

එලිවෙනකොට කොල්ලා බෝතල් දෙක තුනකටම වග කියලයි තිබුනේ...

- " බොස් .... බොස්..... "

උදෙන්ම ජන්ග්කුක්ව හොයන් ආපු ලියෝන් ගේ පුරාම හොයලා බැරිම තැන මින්සුගේ කාමරේට ගියේ ජන්ග්කුක්ව හොයාගන්න බැරි තැනයි

- " බොස්....? "

ලියෝන්ට ජන්ග්කුක්ව දැක්කම තරු විසි උනේ කොල්ලා හිටපු හැටි දැකලයි... ජන්ග්කුක්ගේ දකුණු අතේ වැලමිට ලග ඉදන් කැපුම් පාරවල් විස්සකටත් වඩා තිබුනා... හුගක් බ්ලිඩ් වෙලා තිබුනත් ජන්ග්කුක් හිටියේ සිහියකින් නෙමෙ... කොල්ලා තාමත් හිනාවෙවී ඔහේ බලන් හිටියේ..

ජන්ග්කුක් ඩ්‍රග්ස් අරන් තිබුන බව තේරුන ලියෝන් හෙමිට ජන්ග්කුක් ලගට ගියේ කොල්ලා වීදුරු කටු ව්ලට මැදි වෙලා හිටපු නිසයි... මොකද ලියෝන් දැනන් හිටියා ජන්ග්කුක් වයින් බෝතල් කීපයකට මේතරම් මත් නොවන බව..

- " බොස්... මොකද මේ... "

බොහොම අමාරුවෙන් ජන්ග්කුක්ව නැගිට්ටවපු ලියෝන් ජින්ට කතා කලේ කොල්ලා හිටපු විදිය දැකලා කවදාවත් නොදැනුන තරමේ බයක් දැනුන නිසයි...

ජින් එනකන් කාමරෙ අස් කරලා ජන්න්ග්කුක්ගේ තුවාල වලට බෙහෙත්දාපු ලියෝන් කොල්ලා ලගින් හෙල්ලෙන්නේ නැතුව හිටියේ ජන්ග්කුක් තවත් මොනවා කරගනීද කියලා විශ්වාස නැති නිසයි....

PSYCHO  || JJK  ✔️Where stories live. Discover now