- " ටටා..... "
වැනි වැනිම පාර පනින්න ආපු මින්සුට ඒ එක්කම ජන්ග්කුක්ගෙන් ආපු කෝල් එක කෙල්ල ආන්ස්වර් කරේ පාර මැද්දේ ඉදගෙනමයි.. එකවර එලියක් ආපු නිසා පාර දිහා බලපු මින්සූ දැක්කේ වාහනේක එලියක්.. ඒ එක්කම මින්සූ තදින් ඇස් වහගත්තේ මුකුත් හිතාගන්න බැරුවයි..
- " යාහ් මැරෙන්නද යන්නේ "
මින්සුගේ වෙලාවට එතනට ආපු ජන්ග්කුක් ඉක්මනට දුවලා ගිහින් මින්සුව ඇදලා ගත්තේ හරියට කොටියෙක් තමන්ගේ ගොදුර ඩැහැගන්නවා වගේ වේගෙන්..
-" තමුසෙලා දෙන්නා පාර මැද්දේ මැරෙන්නද යන්නේ අහ් .."
- " මියානේ.. "
අමාරුවෙන් බ්‍රේක් කරපු ඩ්‍රයිවර් කියද්දි ජන්ග්කුක් දෙකට තුනට නැවිලා සමාව ඉල්ලුවේ මින්සුටත් රවන ගමනුයි..
-" බනී!! මගෙ ...සුදු ...බෝලේ... "
මින් සූ කිව්වේ ජන්ග්කුක්ගේ මූණ ඉබින ගමන්..
- " කෙලින් ඉන්නවත් බැරි නම් මොන එහෙකටද බිව්වේ.. තමුසෙට මොනහරි උනා නම් මට පිස්සූ හැදිලා නවතින්නේ... මොලේ හොද නැද්ද ආහ් "
- " සරන්හේ! "
- " බැරි මගුල් නොකර ඉන්න ඕනේ එක්කෝ... "
.Few moments ago ....
- " හී... තව එක පාරක් ගහමු... එයා එයිනේ මට මොකෝ...... ආයිශ් එක්කෝ මට බෑ.. මම යනවා හොයාගෙන... බලාගන්නම්කෝ "
- " අපෝ යන එකම හොදයි මල ඇනේ... මට කනක් ඇහිලා ඉන්න පුලුවන්.. මාව කාමරේට දාලා යනවකෝ "
ජිමින්වත් කාමරේට ඇරලලා ආපු ජන්ග්කුක් ඉක්මනට ගියේ මින්සුව හොයාගන්න... කොල්ලගෙ වෙලාවට මින්සු ෆෝන් එකේ ලොකේශන් ඔන් කරලා තිබුන නිසා හොයාගන්න ඒ හැටි අමාරුවක් උනේ නෑ...
Gwanghnmun Square එක හරියට වෙන්න පෙන්නපු ලොකේශන් එකක් නිසා ජන්ග්කුක් එහෙට මෙහෙට ඇවිද ඇවිද මින්සුව හොයන්න ගත්තේ ටික වෙලාවකින් පෙන්නපු ලොකේශන් එක එකම තැන ඉස්සරහට පස්සට යනවා පෙන්නුව නිසා ජන්ග්කුක් බයටම කෙල්ලට කෝල් එකක් ගත්තේ කරදරයක් කියලා හිතලයි
- " මින්සූ කොහෙද ඉන්නේ... මම ඔයාව ගන්න ආවා..
- " අහ් බනී... හ්..හෙලෝ පැටියෝ... "
ESTÁS LEYENDO
PSYCHO || JJK ✔️
Fanficඔහු , සෙල්ලක්කාර , වෛරයෙන් මත් උනු සෙනෙහෙබර ආදරවන්තයෙක් 🌿 ඇය , කෙනෙක්ගේ මතකයන් දැකීමේ සුවිශේෂී හැකියාවක් ඇති දඟකාරියක් 🌿 සෙල්ලක්කාර රහස් පුරවාගත් තරුණයෙක්, මනොමිතිකය හැකියාව ලොවට සඟවන තරුණියක්, දෙදෙනාට දෙදෙනාගේ රහස් දැනගැනීමට හැකි වේවිද? ඔවුන්ගේ ද...