Reunion

1.6K 340 18
                                    

ජන්කුක් හිටියෙ එයාගෙම හැගීම් තේරුම් ගන්න බැරි තත්ත්වෙක. ඇත්තටම එයාට දැනෙන හැගීමද ආදරේ කියන්නෙ. ජන්කුක් හිතුවෙ දෙතුන් පාරක් හම්බුනු කෙනෙක්ට ආදරේ හිතෙන්න බැහැ කියලය්. ඒක නිකම්ම ආකර්ශනයක් විතරය් කියලා එයා හිතන්න උත්සාහ කලේ ඒකය්.

ඒත් අන්තිම හමුවීමෙන් පස්සෙ ජන්කුක්ගෙ හිත එයාටත් හොරා ටේහ්‍යුන්ට ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් එයා කිසිම දවසක ඒක පිලිගන්න කැමති වුනේ නෑ. එයාටත් නොදැනී එයාගෙ හිත ටේහ්‍යුන්ව හැමවෙලේම හෙව්වා. හැම සෝශල් මීඩියා එකකම ටේහ්‍යුන් ගැන ජන්කුක් විස්තර හෙව්වා.සෝල්වල ඇවිදිද්දි එදා වගේ අහම්බෙන් හරි ඒ ඇස් දෙක ආපහු තමන් ඉස්සරහට එය් කියලා ජන්කුක් ප්‍රාර්ථනා කලා.

ඒත් ජන්කුක් මේ හැම දෙයක්ම අමතක කරල තමන්ගෙ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න තීරනය කලා. තමන් කොච්චර උත්සාහ කලත් තමන් දකින්නේ කවදාවත් ලංවෙන්න බැරි හීනයක් කියලා ජන්කුක් තේරුම් ගත්තා. ඒ නිසා ඒ හැම දෙයක්ම අමතක කරල ජන්කුක් ඉගෙන ගත්තේ සෝල් යුනිවසිටි එකට කොහොම හරි යන්න හිතාගෙන.

Jk p.o.v.

අනිතිමට ඒ දවසත් ආවා. මං කොහොමහරි සෝල් යුනිවසිටි එකට සිලෙක්ට් වුන එක මගෙ විතරක් නෙමේ ඔම්මගෙය් අප්පගෙය් බලාපොරොත්තත් ඉශ්ට වුනා වගේ. අද ඉදන් මගෙ ජීවිතේ අලුත් පිටුවක්. හැමදේම හොදින් වෙය්.

මං පලවෙනි දවසෙ යුනිවසිටි එකට ගියෙ හරිම උද්‍යෝගෙන්.අලුත් අත්දැකීම් , අලුත් යාලුවො , මේ හැමදේකටම මං හුගක් ආස කලා. මං හරිම ආසාවෙන් මගෙ කොලේජ් කාලෙ ඉදන් යාලුවො එක්ක යුනි එක ඇතුලට ගියේ. අපි ලෙක්චර් හෝල් එක ගාවට යද්දි ලමය් වගය් බිම තණකොළ ගලවනවා දැක්කා. විනාසය් සීනියර්ස්ල රැග් කරනවා.

" ඒය්, ඔතන හිටන් ඉන්නෙ මොකද මෙහෙ එනවා "

එතන හිටපු එක සීනියර් කෙනෙක් අපි දිහා නෝන්ඩියට බලල කෑ ගැහුවා. ඇත්තටම මං බය වුනා. අනවශ්‍ය ප්‍රශ්නයක් මගෙ ඔලුවට වට්ටගන්නැතුව එයාල කියන දෙයක් කරල එනව කියල හිතාගෙන මං අනික් අයත් එක්ක එතනට ලං වුනා. ඒත්.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒ....ඇස් දෙක...... ආයෙමත් මගෙ ඉස්සරහා.....
.
.
.
ටෙ...ටේහ්‍යුන් හියුන්....
.
.
මං ඒ ඇස් ඉස්සරහ මුකුත් කරගන්න බැරුව එක තැනම හිටගෙන බලාගෙන හිටියා. ඒත් ඒ ඇය්.... ඇය් මං එහෙම හැසිරුනේ... මට දැනුනෙ මගෙ මුලු ඇගම පන නැති වෙලා යනවා වගේ. මගෙ ඇස් තෙත් වුනේ මටත් නොදැනී. මගේ හදවත අමුතු වේගෙකින් ගැහෙන්න ගත්තා. මට දැනුනෙ දුකක්ද සතුටක්ද කියලවත් මට හිතාගන්න බෑ.

Contingence... ✔️✔️Where stories live. Discover now