Let Me Down Slowly

1.3K 333 55
                                    

ටේහ්‍යුන්ගෙ නම්බර් එක තමන්ට ලැබුනු එකෙන් ජන්කුක් හුගක් නොසන්සුන් වෙලය් හිටියේ. මොකක් හරි නරක දෙයක් වෙය් කියල එයාගෙ හිත කිව්වා. ජන්කුක් ටේහ්‍යුන්ට කොච්චර ආදරේ වුනත් එයාට ලංවෙන්න ජන්කුක් බයය්. ටේහ්‍යුන්ට ලංවෙන එකෙන් තමන්ට ලොකු වේදනාවක් වගේ දුකක් දැනෙය් කියල ජන්කුක් බය වුනා. ඇත්තටම කිව්වොත් එයා ආදරේ කරන්න බයය්. ඒකය් ජන්කුක් පුලුවන් තරම් තමන්ගෙ හැගීම් ටේහ්‍යුන් ඉස්සරහ හංගන්න හැදුවේ.

Heart beats fast
Colours and promises
How to be brave?
How can I love when I'm afraid to fall....
But watching you stand alone
All of my doubt
Suddenly goes away somehow
One step closer........

                  - Thousand Years
                    Christiana perry -

************************************

Jk p.o.v.

ආය්ශ්....ඇය් මට මේ හිත එක තැනක තියන් ඉන්න බැරි. මේ හියුන් නම් කරන්නෙ මාව අවුල් වෙන වැඩක්මය්. මොන එහෙකටද මට නම්බර් එක දීල කෝල් කරන්නම් කිව්වේ. ආහ්..... ජන්කුක් එයා කෝල් කරන්නෑ මොන පිස්සුවක්ද මේ නටන්නේ....

මගෙ ඔලුවෙ ප්‍රශ්න ගොඩය්. මං කෝල් කරනකම් බලන් ඉන්නෑ කියලා තදින්ම හිතා ගත්තත් මං දන්නවා මගෙ යටි හිත එයා කෝල් කරනකම් බලන් ඉන්නව කියලා.

හවස 6 විතර කිට්ටු වෙද්දි මගෙ පපුව ගැහුනෙ අමුතුම තාලෙකට. මං හැමවෙලේම ෆෝන් එක දිහාම විතරය් බලන් හිටියේ. එන්න එන්නම රෑ වුනා ඒත් හියුන් කෝල් කලේ නෑ. මගෙ හිත මහ අමුතු වේදනාවකින් මිරිකෙන්න ගත්තා. රෑ 9 වෙනකනුත් මං බලන් හිටියා. ඒත් මැසේජ් එකක්වත් නෑ. මං නොදැනිම මගෙ ඇස්වලින් එක පේලියට කදුලු කැට වැටෙන්න ගත්තා.

මට හරි මහන්සිය්. අඩලා. බලන් ඉදලා. මං පන නැති ගානට වොශ් රූම් එකට ගිහින් ශවර් එක යට ඉදන් පැය ගානක් කෑ ගහල ඇඩුවේ හිතේ තියෙන දුක ඔක්කොම ඒ කදුලු එක්ක පිට කරන්න හිතාගෙන.

ඇය් මං මගෙ සීමාව පැන්නුවේ. මං හොදටම දන්නවා මං මගෙ සීමාව පැන්නුවොත් මට විදවන්න වෙනවා කියලා. ඒ දේ නේද මේ සිද්දවෙන්නෙ? ඔව් මං විදවනවා. පලවෙනි වතාවට මං ආදරේ නිසා අඩනවා. ආදරේ කියන්නෙ විඳවන දෙයක් නෙමේ. ඇය් මට ඒක විදින්න බැරි ?

Contingence... ✔️✔️Where stories live. Discover now