ජන්කුක් එයාගෙ වේදනාව අමතක කරන්න හුගක් උත්සාහා කලා. එයා හොස්පිට්ල් එකෙන් ගියාට පස්සෙත් හැමවෙලේම හිටියෙ කාමරේ ඇද උඩ ගුලිවෙලා එක්කො අඩමින් නැත්තම් කල්පනා කරමින්. කෑම ගැනවත් ජන්කුක්ට ගානක් තිබ්බෙ නෑ. යෙඔන්ජුන් ජන්කුක්ට ප්රශ්නයක් කියල දැනගෙන හිටියත් ඒ හරියටම මොකද්ද කියලා එයාවත් දැනම් හිටියෙ නෑ. මොකද ජන්කුක් එයාගෙ හැගීම්වලටම බය වුනු නිසා ඒක තමන්ගෙ යාලුවටවත් කිව්වෙ නැහැ. ඒත් යෙඔන්ජුන් හැමදාම උදේ හවස ජන්කුක්ගෙ බෝඩිං හව්ස් එකට ඇවිත් ජන්කුක්ට කරල දෙන්න ඕනෙ හැමදෙයක්ම කලා. වෙලාවට කන්න දුන්නා. ජන්කුක් මිස් කරගන්න නෝට්ස් ඔක්කොම යෙඔන්ජුන් කම්ප්ලීට් කලා.
Jk p.o.v.
මට තේරෙන්නෑ මට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා. උදේ රෑ වෙනවද කියලවත් මට තේරෙන්නෑ. මං මොනවද මේ කරන්නෙ. ඇය් මට හියුන්ගෙ මතකෙන් එලියට ඇවිත් ආපහු සාමාන්ය විදියට ඉන්න බැරි. ඇය්...ඇය්... මං හියුන්ට කරදර කරන්නවත් ගියේ නෑ. මං පැත්තක ඉදන් තනියම එයාට ආදරේ කලේ. ඒත් ඇය් මටම මෙහෙම වේදනාවක්.
මේ දේවල් හිතෙන හැම වෙලේම සිද්ද වෙන්නෙ මගෙ ඇස්වලට ආයෙත් කදුලු පිරෙන එක. මට දැන් ඇති. මට ආපහු සාමාන්ය විදියට ජීවත් වෙන්න ඕනේ. මං හියුන්ගෙන් ඈතට යනවා. ඒ...ඒත් මං මගෙ හැමදේම දාල කොහොමද එහෙම යන්නේ. මගෙ හීනේ ඉගෙනීම ඒ ඔක්කොම ආදරේ වෙනුවෙන් අතෑරල දාන්න මට බෑ. ඒ දේවල් නැති කරගත්තොත් මංම මට කවමදාකවත් සමාව දෙන්නැති වෙය්.
ඔව් මං ආයෙ හියුන්ගෙ ඇස් ඉස්සරහට යන්නෑ. මට ඒ ඇස් දිහා බලන් ඉන්න බෑ. හියුන්ව මග ඇරල ඉන්න තරමටම මට මේ දේවල් අමතක වෙය්. යුනි එකේ වැඩ ගොඩක් මහන්සි වෙලා කරන්න ඕනේ. වැඩත් එක්ක මට මේ දේවල් ගැන හිතන්නවත් වෙලාවක් නැති වෙය්. ඔව් මං එහෙම කරනවා. මට කවදාවත් සැනසීමක් ලැබෙන්නැති දෙයක් වෙනුවෙන් ඇය් මං මගෙ මුලු ජීවිතේම නාස්ති කරගන්නේ. හියුන් වුනත් මේ දේවල් දැගන්න ඕනෙ නෑ. එහෙම වුනොත් හියුන්ගෙ සතුටත් නැති වෙය්. ඒ නැතත් එයා මොන එහෙකටද මං ගැන හිතන්නෙ.
ඔව් මං මේ හැම දේකින්ම ඈත් වෙනවා. ආදරේ කියන්නෙ ලස්සන දෙයක් කියල හිතුවට ඒක ලාවා ගොඩක් විතරය්. මට තවත් ඒකෙ පිච්චෙන්න ඕනෙ නෑ. මං ඒකට වය්ර කරනවා.