1 year later........
Jk p.o.v.
එදා තමය් හියුන්ව මට අන්තිමටම හම්බවුනු දවස. අදට හරියටම අවුරුද්දය්. එදා එයා කියල ගියපු දේවල් මට තාමත් ඒ විදියටම මතකය්. ඇය් එයා එහෙම ගියේ. එදය්න් පස්සෙ කවමදාකවත් හියුන්ව මට හම්බවුනේ නෑ. එයා යුනිවසිටි ආවා. ඒත් එයාව මට හම්බවුනේ නෑ. මං දන්නෑ ඇය් එයා මගෙ ඈත් වෙන්න හිතුවෙ කියලාවත්. ඒත් හැමදේම වෙන්නෙ හොදට කියලා මං හිත හදාගත්තා.
හියුන් මට වඩා අවුරුදු දෙකක් සීනියර් බැජ් එකේ හිටියේ. මට ආරංචි වුනා ගිය අවුරුද්දෙ හියුන් හය් ක්ලාස් ග්රේඩ් එකකුත් එක්ක ග්රැජුවේට් වුනා කියලා. හියුන් හොදින් ඉන්නව කියලා හිතලා මං සතුටු වුනා.
ඒත් එයා දැන් කොහෙ ඉන්නවා ඇද්ද ? ආයෙ කවමදාකවත්ම මට එයාව හම්බවෙන්නෙ නැති වෙය්. හියුන්ගෙන් ඈත් වෙලා ඉන්න එක මට හොද වෙය් කියල හිතුවට මට ඒක හරිම අමාරු දෙයක්. මුල් දවස් ටිකේ හියුන්ව හම්බ නොවුන හින්දා මං සතුටු වුනත් ටික ටික මට ආයෙත් හියුන් නැති පාළුව දැනෙන්න ගත්තා.
මං අදටත් කල්පනා කරන්නෙ හියුන් අන්තිමට කියල ගියපු දේ ගැන. ඇත්තටම එය මොකද්ද මට කියන්න හැදුවේ? බැරි වෙලාවත් හියුන් මගෙ හිතේ තිබ්බ දේවල් දැනගෙනවත් ද? ඒ....ඒත් ඒ කොහොමද ? මං ඒ දේවල් කිසිම කෙනෙක්ට කියල තිබ්බෙවත් නෑ. එයා දැනගෙන නම් එයා මගෙන් ඈත් වුනේ මට කැමති නැති නිසා වෙන්න ඇති. ඒකත් හොදය්. නැත්තම් අදටත් ඒ දේවල් වලින් මං මීට වඩා විදවන්න තිබ්බා.
හියුන්ව මට හුගක් මතක් වෙනවා. මං ඉස්සර හියුන් නිසා මට විදවන්න වුනු දේවල් ඔක්කොම අමතක කරලා ලස්සන මතක ටික විතරක් ඉතුරු කරගත්තා. ආපහු මට මගෙ පේන් කිලර් එක ඕනේ. මගෙ ඩ්රග් එකට මට ඇබ්බැහි වෙන්න ඕනේ. ඒ...ඒත් මට එයාට ලං වෙන්න කිසිම අය්තියක්වත් පුළුවන්කමක්වත් නෑ.
මං හැම සෝශල් මීඩියා එකකින්ම හියුන් ගැන විස්තර හොයන්න ගත්තා. එයාගෙ අකවුන්ට් වලය් යාලුවන්ගෙ අකවුන්ට්වලය් තිබ්බ විස්තරවල හැටියට එයා තාම ඉන්නෙ කොරියාවෙම තමය්. තිබ්බ හැටියට එයා ලොකු කම්පැනි එකක මැනේජර් කෙනෙක් දැන්. මාත් ආස වුනේ හියුන් වගේ හොද දක්ශ සක්සෙස්ෆුල් කෙනෙක් වෙන්න. ඒ හින්දමය් මාත් මහන්සියෙන් ඉගෙන ගෙන හියුන් වගේම හොද තැනකට යන්න හිතුවේ.