Jk p.o.v.
මගෙ හිතේ ප්රශ්න ගොඩක් කැරකුනත් මං එක තීරණයක් ගන්නවා. මුකුත් වෙන්නත් කලින් ඉදලම ඒ දේවල් ගැන හිතලා බය වෙන්නෙ මොකටද? වෙන දෙයක් වෙය්. ඒ ඕන දේකට මූන දෙන්න බලන් ඉන්න ඕනේ. මොනව වුනත් මං ආයෙමත් හියුන්ව නැති කරගන්නෑ. මගෙ ජීවිතේ සතුට නැති කරගන්නෑ. එයාට ලං වෙන්න මට බැරි වුනත් මේ ඉන්න විදියට මං දිගටම ඉන්නවා කියලා මං තීරණය කලා.
මං ඔෆිස් යන්න හරි ආසය්. හියුන් මට හැමදෙයක්ම හොදට කියල දෙනවා. හියුන් එක්ක වැඩ කරන්න මට බයකුත් නෑ. එහෙම කියල එයා එක්ක සෙල්ලම් කරන්නත් බෑ. පොඩ්ඩක් එහෙමෙහෙ වුනොත් යකෙක් වගේ. වැඩ පර්ෆෙක්ට් ඕනේ එයාට. එහෙමනෙ කොහොමත් පර්ෆෙක්ට් අය.
හියුන් අපි දෙන්න විතරක් ඉන්න තැන සර් නොකිව්වට කමක් නෑ කිව්වා. මටත් ඉතින් මල් හතය් 🌚 එයා මං ගැන විශේශයක් දක්වන්නෑ කොහොමත් මේ එයාගෙ හැටි. ඒත් මට ඒ ඇති.
මං දැන් ජොබ් එක පටන් අරන් මාසයක්. හියුන් ගොඩක් හොදින් සලකනවා. එයා ඉස්සර දේවල් මතක් කලත් මාව දාලා ගියේ ඇය් කියලා කවදාවත් කිව්වෙ නෑ. මං අහන්න ගියෙත් නෑ. මට හියුන්ගෙ ගර්ල්ෆ්රෙන්ඩ් ගැන මොකුත් හොයාගන්න බැරි වුනේ හියුන් එයාගෙ ප්රය්වට් දේවල් ජොබ් එකත් එක්ක ගාවගන්නැති හින්දා.
අදත් මං උදෙන්ම ඔෆිස් එකට ගියේ හියුන් එන්න කලින් යන්න ඕනේ හින්දා. හියුන් කලින් වැඩ කරනවට කැමතිය් නෙ. ඒක වැරදි වැඩකුන් නෙමේ හින්දා මං ඒ විදියට කලා.
මං හැමදාම කලින් ඔෆිස් එකට ගිහින් මුලු රූම් එකම පිළිවෙළකට හදලා හියුන්ගෙ මේසෙ උඩින් එයාගෙ කොෆී එකය් බ්රෙක්ෆස්ට් එකය් තියලා තියනවා. හියුන් ඒකෙ හුගක් සතුටු වෙනවා කියලා මට තේරුනා. මං මේ දේවල් කරන්නෙ හියුන්ගෙ හිතේ මං ගැන් අදහසක් ඇති කරනව දේකට නෙමේ. කවඩ්ගාවත් එහෙම නෙමේ. මං ආසය් හියුන් කැමති විදියට එයා සතුටු වෙන විදියට ඉන්න.
අදත් මං මගේ සුපුරුදු රාජකාරි ටික ඉවර කරලා මගෙ මේසෙන් වාඩිවෙලා මගෙ වැඩ කරමින් හිටියේ.
" ගුඩ්මෝනින් ජන්කුක්..."
මට ග්රීට් කරගෙනම හියුන් ඔෆිස් රූම් එකට ආවා. මමත් පුටුවෙන් නැගිටලා එයාට ග්රීට් කලා.