Jk p.o.v.
හියුන් රූම් එකට ගියාට පස්සේ තව ටිකක් වෙලා එළියෙ ඉදලා මාත් ආපහු මගෙ රූම් එකට ගියා. මං රූම් එකේ දොර ඇරලා ඇතුලට යද්දිම මං ගිහින් ශක්තිමත් පපුවක හැප්පුනා. මං එක පාරටම බය වුනේ මං වැරදි රූම් එකකටවත් ආවද කියලා. ලය්ට්ස් ඕෆ් කරල තිබ්බ නිසා හිටියෙ කව්ද කියලා මං හරියට දැක්කෙ නෑ. මේක වැරදි රූම් එකක් නෙමේනේ...මට හොදට මතකය්...මේ කව්ද...???
" ඔ....ඔයා කව්ද??? මගෙ රූම් එකේ මොනවද කරන්නේ....??? "
මං ගැහී ගැහී ඇහුවේ වෙන කරන්න දෙයක් නැති නිසා.
එතකොටම එයා ඉටිපන්දමක් පත්තු කරලා අපි දෙන්නගෙ මැද්දෙන් ඇල්ලුවේ එකිනෙකාගෙ මූණු විතරක් පේන විදියට.
" හි.....හියුන්....???"
එයා මොනවද මගෙ රූම් එකේ කරන්නේ... ඇරත් මේ වෙලාවේ....?? මගෙ පපුව ගැහෙන වේගෙත් එන්න එන්නම වැඩි වුනේ ඒ ඉන්නෙ හියුන් කියලා දැක්කට පස්සේ... අපි දෙන්න හිටියේ හොදටම ලං වෙලා.. බාදාවකට තිබ්බේ පත්තු කරල තිබ්බ ඉටිපන්දම විතරය්....
"හි....හියුන්...ඇය් මේ.....??? "
මාව ඇත්තටම වෙවුලනවා. හියුන් මෙහෙම ලගඉද්දි ඉතින් ඒම නොවී තියෙය් යෑ.. මටම තේරෙනවා මගේ පපුව වේගෙන් ගැහෙනවා කියලා...
" ඔයාට මතක නෑ නේද...?? "
ලාවට හිනා වෙලා ගැඹුරුම කටහඩකින් හියුන් ඇහුවා. මාව වෙවලල ගියා ඒ වචන ඇහෙද්දි. මොකද්ද මට මතක නැත්තෙ එතකොට..?
" මො...මොකද්ද හියුන් මතක නැත්තේ....?"
"..."
ලාවට හිනාවුනු හියුන් එක පාරටම මගෙ මූණ ලගට නැවුනේ මගෙ මුලු ඇගම සීතල කරමින්. අද මාව මරන්නද යන්නෙ මේ මනුස්සයා. මට නොදැනිම මට කෙලත් ගිලුනේ ඒ තරමට මං බය වුනු හින්දා.
" Happy Birth Day kookie....."
මගෙ කනට ලං වෙලා රහසින් වගේ කොදරපු හියුන් මගෙ කම්මුලෙන් පුංචි කිස් එකක් තිබ්බා. මගෙ ඇග දිගේ කරන්ට එකක් යනව වගෙය් ඒ එලාවෙ මට තේරුනේ. ඒ වෙලාවෙ මට නම් හුස්ම ගන්නත් අමතක වුනාද කොහෙද. මං ඇස් දෙකත් ලොකු කරන් හියුන් දිහා බලන් ඉද්දි එයා ලස්සනට හිනා වෙලා මගෙ කොණ්ඩෙ ඇවිස්සුවා.