Jk p.o.v.
හියුන්ගෙ කටහඩට හැමවෙලේම.මං වශී වෙනවා. හියුන් සිංදුව නතර කරලා මගෙ ඔඩොක්කුව උඩම ඇස් දෙක පියාගත්තා. ඒ මූන... පියවුනු ඇස්... මට පැය ගානක් වුනත් ඒ දිහා බලන් ඉන්න පුලුවන්... මං හියුන්ගෙ ඔලුව ආදරෙන් පිරිමදිමින් හුගක් වෙලා එතන හිටියා. මට තේරුනා හියුන්ට මගෙ ඔඩොක්කුව උඩම නින්ද ගිහින් කියලා. ඒ මූණ දැක්කම ඇහැරවන්නවත් හිතෙන්නෑ. මං ඒ නිසා හියුන්ව ඇහැරවන්නෙවත් නැතුව ඔලුව අතගගාම හිටියා.
******
පහුවදා උදේ මට ඇහැරෙද්දි මං හිටියෙ ටෙන්ට් එක ඇතුලේ... මං කොහොමද මෙතනට ආවේ... මං හිටියෙ හියුන් එක්ක එලියෙනෙ...
" ගුඩ් මෝනින් කුකී....ඇහැරුනාද...??? "
හියුන් එළියේ ඉදන් ටෙන්ට් එකට එබිලා කතා කලා. මං නම් හිටියෙ වෙන දෙයක් තේරුම් ගන්න බැරුව අන්දමන්ද වෙලා වගේ.
" අහ්... ඊයෙ මට එහෙම්ම නින්ද ගියානේ...මං ඇහැරෙද්දි ඔයාටත් එතනම නින්ද ගිහින්. ඉතින් මං ඔයාව උස්සන් ඇවිත් ටෙන්ට් එකෙන් තිබ්බා. ඔයා නම් හොදට නිදා ගත්තා මටත් තුරුල් වෙලා...😂😂 "
ඈ....??? මොකක්...??? මං හියුන්ට තුරුල් වෙලා නිදාගත්ත කියල ඒ කිව්වේ...??? මොකද්ද දෙය්යනේ ඒ වුනේ... අය්යෝ ඇය් මං එහෙම හිටියේ....
මට කෑගහලා අඩන්න ඕනෙ වුනා. ඇය් අප්පා මං එහෙම කලේ. මං අඩන්න වගේ මූනත් හදාගෙන ටෙන්ට් එකෙන් එලියට ගියා. හියුන්ට නම් මගෙ මූන දැකලා හිනා. අනේ මන්දා මං ජෝකර් කෙනෙක්ද මාව දැක්කම මෙයා මෙච්චර හිනා වෙන්න ගන්නේ....
" දැන් ඔය මූන දික් කරන් ඉන්නෙ මට තුරුල් වුනා කිව්ව එකටද ? "
"....."
මං මුකිත් කියන්නැතුව බිම බලාගෙන හිටියා. මට හියුන් දිහා බලන්නත් ලැජ්ජය්. හය්යෝ මමත් කරගන්න දේවල්...
" ඕකට මූන එල්ලන් ඉන්න දෙයක් නෑ ළමයෝ.... මාත් බදාගන්න කොට්ටයක් නැතුව හිටියේ..."
මොකක්....??? මේ මනුස්සයට පිස්සු හැදීගෙනවත් එනවද??? හොදම යාලුව වගේ කියල ආයෙ එකක් කියනවා... මං නම් කවදහරි මැරෙන්නෙ මෙයාගෙ අතින් තමා...