♕3.Chapter

555 147 89
                                    


================================

හොබී ඉස්සරහ බලනකොට හිටපු එක්කෙනා දැකලා එයා එච්චර පුදුම උනේ නෑ මොකද කුකී වැඩක් කරනවා කියන්නෙ එයා මොන දේ කලත් එයාගෙ වැඩේට කොහෙන් හරි සම්බන්දයක් තියෙනව. ඒ හින්දා හොබීට ඒක පුදුමයක් උනෙ නෑ.

"මෙ .. මේ උබ දැන් මේ රවුම් ගැහුවට කමක් නෑ වෙලාවට් යන්න ඔනෙ මට මගේ ගමන "

හොබී නොරිස්සුමෙන් වගේ කිව්වා.

"හරි බන් නාහෙන් අඩන්නැතුව හිටාන් වෙලාවට යන්න පුලුවන්.මට ජිමින්ගෙ ගෙදර බලාගන්න ඕනෙ හදිස්සියට ඕන උනොත් ඒම"

ජිමින්ටයි ටේටයි නම් ගානක් වත් නෑ.ඒ තියා මේ එයාලගෙ පස්සෙන් මෙච්චර වෙලා ආව වාහනේ ගැනවත් ගානක් නෑනෙ. පිස්සු කෝච්චි දෙක වගේ කියෝ කියෝ යනවා. වෙලාවකට පාරෙ ඉන්න පූසොත් හුරතල් කරනවා.

"මටත් සැකයි වගේ දැන්නම්. මෙච්චර අහින්සක කෙනෙක්ද එයා කියලා ."

ජන්කුක් හිනා වෙලා ඒම කිවවම හොබීත් ඒ පැත්ත බලාගෙන හිටියෙ එයාටත් විශ්වාස කරන්න බෑ වගේ

ජිමිනුයි ටේයි කොහොම හරි එයාලගෙ ගෙදරට යනකොට වාහනේ පොඩ්ඩක් එහායින් නවත්තපු ජන්කුක් ඒ දෙන්නා ඇතුලට යනකන් බලන් හිටියා.

"හරි දැන් යමන් දැන් ගෙදරත් හොයා ගත්තනෙ"

ජන්කුක් වාහනේ ස්ටාට් කරලා චුට්ටක් ඉස්සරහට ගියා.

"කොහෙටද බන් යන්න ඕනෙ ,බකමූණා වගේ ඉන්නැතුව කියාම්කො රෙද්ද . මම දන්න්වෑ උබේ යාලුවගෙ ගෙදර"

"ආ.... මේ තියෙන්නෙ address එක , හවස කොල් කරපු වෙලාවෙ ඉල්ල ගත්තා"

"යකෝ උබ දන්නැද්ද එතකොට ගේ තියෙන තැන?"

"නැති හින්දනෙ address එක ඉල්ලගත්තෙ"

"හරි දැන් කියපන් මේ ඉන්නෙ කොහෙද කියලා"

"දන්නෑ "

"යකෝ.. උබ මෙච්චර කාලයක් වෙරලෙ වැලි කැට ගැන්නද , පාරක්වත් දන්නෑ "

"ඒ වගේ එකක් තමයි කරේ, තරහ ගන්න එපා.. වයසට යයි. ඔය මෙහෙ මිනිස්සු ඉන්නෙ කාගෙන් හරි අහමු. යමන්කො පොඩ්ඩක් ඉස්සරහට"

ජන්කුක් ඉතින් එයාගෙ තරහව පාලනේ කරගෙන තව ටිකක් ඉස්සරහට ගියා.
වාහනෙන් බැහැපු දෙන්නම පාරෙ හිටිය මනුස්සයෙක්ගෙන් ඇඩ්‍රස් එක පෙන්නලා පාර ඇහුවා.
ඒ මනුස්සය කියන කියන එකට දෙන්නම ඔලුව වනල තෑන්ක් කරලා ඇවිත් වාහනේට නැග්ගා.

Sea Legacy | ✔️Where stories live. Discover now