Jk p.o.v.
මං සතියක් තිස්සෙ පාලුවට තිබ්බ ගෙදර පොඩ්ඩක් අස්පස් කරලා හෙට ආපහු ජොබ් එකට යන්න ඕනෙ දේවල් සූදානම් කරගනිමින් හිටියේ. මගෙ අවධානෙ බිදුනෙ එක පාරටම ඩෝ බෙල් එක වැදෙන්න ගත්තු නිසා.
" ආය්ශ්.... මේ වෙලාවෙ කව්ද?? "
මං ආවෙ කව්ද කියලා කල්පනා කර කර ගිහින් දොර ඇරියා. ඒත් මං ඉස්සරහ හිටගෙන හිටියෙ මං කීයටවත් බලාපොරොත්තු නොවුණු කෙනෙක්.
"හියුන්......?? "
දොරගාව හිටන් හිටිය හියුන් දැක්කම මං හුගක් පුදුම වුනා. මෙයා මේ වෙලාවෙ එන්න හේතුව මොකද්ද? ඇරත් දැන් පැය කීපෙකට කලින් නෙ මාව ගෙදරින් බස්සල ගියෙත්. මං හියුන් දිහා බලන් හිටියේ ප්රශ්නාර්තයක් මූණෙ තියාගෙන.
" මං ඇතුලට ආවට කමක් නැද්ද කුකී? "
හියුන්ගෙ මූණ වේදනාවකි පිරිලා. ඇය් මේ හියුන්. එයා හිටියෙ මොකක් නමුත් ලොකු දෙයක් හිතේ හිරකරන්. එයා ළඟ ඉද්දි මටත් එයාගෙ වේදනාව දැනෙනවා වගේ. මං දොර ගාවින් පොඩ්ඩක් එහාට වුනේ හියුන්ට ඇතුලට එන්න කියලා අගවමින්.
එයා ඔලුවත් පාත් කරගෙනම ඇතුලට ඇවිත් සෝෆා එකෙන් වාඩි වුනේ ලොකු හුස්මක් පිට කරමින්. මං හියුන් ඉස්සරහ තිබ්බ පුටුවකින් වාඩි වුනේ හියුන් කියන ඕනෙම දෙයක් අහන් ඉන්නව කියලා හියුන්ට තේරෙන්න.
" කුකී....පොඩ්ඩක් මං ගාවට එන්න පුලුවන්ද? "
වෙව්ලන කටහඩකින් එයා කතා කලා. මං ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා සෝෆා එකේ හියුන්ට එහා පැත්තෙන් වාඩි වුනා. හියුන්ගෙ මූනෙ තිබ්බෙ හරිම අහිංසක බැල්මක්. මං එතනින් වාඩි වුනාට පස්සෙ හියුන් මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙ මං ගාවට ගුලි වුනේ මාව පුදුම කරමින්.
" හියුන් මොකද්ද ප්රශ්නේ....? "
මං හියුන්ගෙ කෙස් අතරින් ඇගිලි යවමින් ඇහුවෙ එයා ලොකු ප්රශ්නෙක ඉන්න බව මට තේරිලා තිබ්බ නිසා. එතකොට හියුන් තවත් මං ගාවට ගුලි වුනා. ඇය් හියුන් ඔයා මේ විදියට හැසිරෙන්නේ....?
" කුකී මට හැමදාම ඔයා එක්ක මේ විදියට ඉන්න පුලුවන්ද? "
හියුන් මොනවද මේ කියන්නේ...?? හැමදාම මේ විදියට ඉන්න...?? මං ඒක කොච්චර ප්රාර්ථනා කරනවද හියුන්. මං ඒ තරමට හියුන්ගෙන් ඈත් වෙන්න ලෝබය්.