Jk p.o.v.
මං ඔෆිස් රූම් එකෙන් එලියට ගිහින් දොර වහලා එතනම තිබ්බ පුටුවකින් වාඩි වුනා. මට කිසිම දේකට මූන දෙන්න ශක්තියක් නෑ. මං දුර්වලයෙක්. මටත් නොදැනි මගෙ ඇස්වලින් කදුලු එක පේලියට වැටෙන්න ගත්තා.
ඒත් එක්කම මට ඇහුනෙ හියුන් යුමීට කෑගහලා කතාකරන සද්දේ. හියුන් කතාකලේ තරහින්. ඒක ඒ වචනවලින් හොදටම තේරුනා. ඒත් හියුන් කිව්ව දේවල්... හියුන්ට මාව විශේශ කෙනෙක්ද? හියුන්ට මාව ඒ තරමට වටිනවද?
මට හිතුනෙ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කොල්ල මම කියලා. මං හැමදේම වැරදියටය් හිතුවේ. මාව හියුන්ට වදයක් නෙමේ. හියුන්ව මට විශ්වාසය්. මං කදුලු පිහදාලා හිනාවෙන්න උත්සාහ කලා. එතකොටම රූම් එකේ දොර ඇරගෙන එලියට ආවෙ යුමී.
" ඔයා හුගක් වාසනාවන්තය්. එයාව හොදට බලාගන්න. "
යුමී එහෙම කියලා අඩ අඩා එතනින් ගියා. එයා පව්. ඒත්... කෙනෙක් සතුටින් නෙමේ නම් ඉන්නෙ එයා සතුට හොයාගෙන යන එකේ වැරද්ද මොකද්ද? මං වුනත් හියුන්ට හුගක් ආදරේ කරලත් හියුන්ගෙන් ඈත් වෙන්න හිතුවෙ හියුන් යුමී එක්ක සතුටින් ඉන්නව කියලා හිතුව නිසය්. අපි ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් අපිට දෙයක් කරන්න බැය්නම් අපි කරන ආදරෙන් තියෙන ප්රයෝජනේ මොකද්ද?
මං කල්පනා කරකර ඉද්දි එක පාරටම දොර ඇරන් එලියට ආවෙ හියුන්. එයා හුගක් බයවෙලා හිටියේ. මාව දැක්ක ගමන් එයාගෙ ඇස් දිලිසුනා.
" කුකී.... "
මං එතනින් නැගිටලා රූම් එක ඇතුලට ගියේ අපි දෙන්න එතන කතා කරන්න ගත්තොත් මේ දේවල් ඔෆිස් එකේ අනික් අයත් දැනගනී කියලා බයෙන්.
" කුකී මේ අහන්න...."
" මං හැමදේම අහගෙන හිටියේ හියුන්. මට ප්රශ්නයක් නෑ...."
මං හිනාවෙලා ආපහු මගෙ පුටුවට යන්නය් හැදුවේ. ඒත් මාව හිටපු තැනම ගල් වුනේ මගේ ඉන වටේට අත් දෙකක් එතුනු නිසා.
" කුමාවෝ කුකී... මාව මේ තරම් තේරුම් ගන්නවටය් මාව විශ්වාස කරනවටය්..."
හියුන් මාව බැක් හග් කරලා මගෙ උරහිසෙන් ඔලුව තියාගෙන කතා කලා. මගේ කන ළඟින් ඒ වචන ඇහෙද්දි මගෙ මුලු ඇග පුරාම අමුතුම හැගීමක් දුවන්න ගත්තා. මං හිතුවේ මගෙ පපුව ගැලවිලා වැටෙය් කියලා.