Jk p.o.v.
මං හියුන්වත් ඇදගෙන කෑම කන්න සාලෙට ගියේ කලින් වුනු දේවලුත් අමතක කරලා. අපි දෙන්න වෙනද වගේම ඩිනර් එක අරගෙන අස්පස් කරා. හියුන් ඉතුරු වැඩ ටික කරද්දි මං මගේ රූම් එකට නිදාගන්න ගියේ හෙට උදෙන්ම ඔෆිස් යන්න ඕනෙ හින්දා.
මං ඇදට ගිහින් නිදාගන්න උත්සාහ කලත් හුගක් වෙලා යනක්ම්ම මට නින්ද ගියේ නෑ. උදේ ඉදන් වෙච්චි දේවල් එක දිගට මතක් වෙද්දි නම් මට දැනුනේ මීට කලින් නොදැනුනු හැගීමක්.
" ආය්ශ්..... නින්ද යන්නෙත් නෑ.... මේ මොන කරුමයක්ද....??? "
මං ඇදේ හතර අතට පෙරලි පෙරලි හිටියත් මට නින්ද ගියේ නෑ. එතකොට මට ඇහුනෙ කවුරුහරි දොරට තට්ටු කරන සද්දේ.
" කුකී.... මේ මම ඔයා නිදිද...? "
හියුන්....??? එයා මොනවද මේ වෙලාවෙ කරන්නේ... එයාටත් මං වගේම නින්ද යන්නෙ නැද්ද කොහෙද. කාපුවගෙ අවුලක් මං හිතන්නේ....
" නෑ හියුන්... පොඩ්ඩක් ඉන්න... "
මං ඇදෙන් බැහැල ගිහින් දොර ඇරියා.
" මොකෝ තාම ඇහැරගෙන නින්ද යන්නැද්ද ම්ම්ම්....."
" හියුන්ටත් නින්ද යන්නැද්ද? මටත් නින්ද යන්නෑ හියුන්... කාපුවගෙ අවුලක්ද මන්දා..."
මං කටත් උල් කර කර කියද්දි හියුන්ට හිනාත් ගියා. හිනා යන්න දේකුත් මං කිව්වද? හනේ මන්දා අද නම් හියුන් කොහොමත් අමුතුය්.
" ම්ම්ම්....කුකී..... "
" ඇය් හියුන්...? "
" මටත් නින්ද යන්නෑ වගේ කුකී.... ඒ හින්දා මං අද ඔයා එක්ක නිදාගන්නද? "
ම....මං.... හියුන් එක්ක නිදාගන්න??? දෙය්යනේ ඒක වෙන්නෙ කොහොමද...??? හියුන්ට එපා කිව්වොත් එහෙම දුක හිතෙය්... ඒත් ඇය් මං එපා කියන්නේ....?? එපා කියන්න හේතුවක් මෙතන නෑ නේ...?? මොකෝ හියුන් මාත් එක්ක නිදාගත්තා කියලා මාව ගිලිනවයෑ... ඔන්න ඔහෙ කමක් නෑ ඉතින් හියුන්නේ....
" අහ්....කමක් නෑ හියුන්...."
මං මගෙ කියුට් බනී හිනාවත් දාලා හියුන්ට කිව්වම නම් හියුන්ගෙ මූණ ලොකු හිනාවකින් පිරුනා. මං හියුන්ට ඇතුලට එන්න ඉඩ දීල දොරත් ලොක් කරන් ඇදට ආවෙ නිදාගන්න. මේ වෙලාවට නිදාගෙන නම් මට හෙට ඔෆිස් යන්න කීයටවත් ඇහැරෙන්න බෑ.