Say yes

1.3K 295 62
                                    

Jk p.o.v.

හියුන්ගෙ ඔම්මය් අප්පය් රෑ වෙනකම්ම අපිත් එක්ක හිටියා. අපි දෙන්න බල කරපු නිසාම රෑත් ඉදල හෙට උදේම යන්න එයාල තීරණය කලා. හැබැය් ඉතින් ඉන්නකම් හියුන්ගෙ කෙරුවාවට විහිලු කරපු එක තමා ඒ දෙන්නම කලේ.

" මොනව වුනත් අපිට පුතාට ෆැශන් ඩිසය්නින් ඒමත් උගන්නන්න තිබ්බෙ නේ... දම් පාටින් ලස්සන ඩිසය්නින් එහෙම මෙයාට හොදට කරන්න පුලුවන් නේ...."

" යා.....ඔම්මා....මොනවද ඔය කියන්නේ....."

මං නම් ඔය වගේ කතා කියන වෙලාවට වුනේ ලැජ්ජාවෙන් රතු වෙන එක. ලැජ්ජ හිතෙන්නැද්ද අප්පා. උදේ වුනු දේවල් මතක් වෙද්දිත් මට පිස්සු වගේ. හියුනුත් රතු වෙනව ඒ කතාවලට. හියුන්ගෙ ඔම්මය් අප්පය් නම් ඒවගෙන් හොදට විනෝද වුනා වගේ. මහ සද්දෙට හිනා වෙන එක තමා කලේ. ඒ අතරෙ හියුන්ගෙ අලුවෙලා යන බැල්මවල් වලටත් ඉතින් මාව අහුවුණා. අහිංසක මං පව් දෙය්යනේ.....

හවස් වෙද්දි මගෙ අමාරුවත් අඩු වුනු නිසා මං රෑට කෑම හදන්න ගත්තා. හියුන්ගෙ ඔම්මත් ආවා මට උදව් වෙන්න. ඇත්තටම හියුන්ගෙ ඔම්මය් අප්පය් දෙන්නම හරිම හොදය්. දෙන්නම මට සැලකුවෙ එයාගෙම දරුවෙක්ට වගේ. මටම අමතක වුනා හියුන්ගෙ අප්පා කැමැත්ත දෙන්න කලින් මං කොච්චර බය වෙලා හිටියද කියලා.

" දැන් දෙන්නට මැරි කරන්න එහම අදහසක් නැද්ද...? "

හියුන්ගෙ අප්පා ඇහුවේ අපි ඩිනර් එක ගන්න අතරතුරේදි. මට නම් කකා හිටපු එකත් හිරවෙන්න ගත්තා ඒක ඇහුවම. හියුනුත් ඇස් දෙක ලොකු කරන් මගෙ දිහා බලන් හිටියා. ඇත්තටම බදින්න....? මාය් හියුනුය්....? මෙච්චර ඉක්මනට....? මට ඇත්තටම තිබ්බෙ ප්‍රශ්නාර්තයක්.

" ඇත්තටම පුතාලා ඔයාල දැන් හුග කාලයක් තිස්සෙ ආශ්‍රේ කරන එකේ ඉක්මනට මැරි කරන එකට මගෙ නම් විරුද්ධත්වයක් නෑ...."

හියුන්ගෙ ඔම්ම කතා කලෙත් අප්පගෙ කතාව අනුමත කරන්න වගේ. මං හියුන් දිහා බලාගෙන හිටියෙ මුකුත්ම හිතාගන්න බැරුව. හියුනුත් එහෙම්මමය්. ඇත්තටම අපි දෙන්න ඒ තරම් දෙයක් ගැන හිතලා තිබ්බෙ නෑ.

" ජන්කුක් පුතාගෙ ගෙදරින් මේකට අකමැති වෙන එකක් නෑ නේද...? "

" අෆෙයා එකට නම් අකමැති වෙන්නෑ අප්පා...."

Contingence... ✔️✔️Where stories live. Discover now