Jk p.o.v.
දෙය්යනේ මේ මොකද්ද වෙන්න යන්නේ? මං හිතුවෙ හැමදේම හොදින් සිද්ද වෙය් කියලා. ඇය් එක පාරටම මේ වගේ දෙයක් වුනේ....? මං හියුන්ව ඒ වගේ හිතාගෙන අපේ ගෙදර ගෙනාවෙ නෑ. ඒත් ඇය් අප්පා මෙහෙම හිතන්නේ.... මට නොදැනිම ඇඩෙන්න ගත්තෙ මට ආයෙ හියුන් එක්ක ඉන්න බැරි වෙය් කියලා බය හිතුනු නිසා.
" අප්පා.....ඇය් අප්පා මේ විදියට කතා කරන්නේ....අප්පට මාව විශ්වාස නැද්ද...?"
මං අප්පා ගාව දණින් වැටිලා අඩන්න ගත්තේ මේ වෙන්න යන දෙය්න් මං හුගක් බය වෙලා හිටපු නිසා. මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද? අප්පගෙ අකමැත්තෙන් මං මුකුත් කරන්න කැමති නෑ. එහෙම කරල මට හරි ගිහිනුත් නෑ. ඒත් මට හියුන්ව අතාරින්නත් බෑ. මං මොකද්ද කරන්න ඕනේ...?
" මං කවදාවත් හිතුවෙ නෑ ජන්කුක් තමුන් මේ වගේ වැඩක් කරය් කියලා. ොය දෙන්න එදා මේ විදියට ගෙදර ඇවිත් තව දවස් ගානක් ට්‍රිප් එකකුත් ගියා නේද? මොනවය්න් මොනව වුනාද කියලා අපි දන්නෙ කොහොමද? දැන් දෙන්නම ඉන්නෙත් එකම ගෙදර නේද? මේ වගේ ලැජ්ජ නැති වැඩ කරන්නද ජන්කුක් මං තමුසෙව හැදුවෙ ආ......? "
අප්පගෙ ඇස් රතුවෙලා. එයාට හොදටම තරහ ගිහින්. මොකද්ද මේ වෙන්න යන්නේ....? ඇය් අප්පා මේ විදියට හිතන්නේ....? මට කිසි දෙයක් තේරෙන්නෑ. මේ වෙනකම් හැමදේම හොදට තිබ්බා. එකපාරටම මොකද්ද මේ වුනේ....?
" අනේ ඔම්මා ඔයාටවත් මාව විශ්වාස නැද්ද....? ඇය් අප්පා මේ විදියට හිතන්නේ...?"
මං ඔම්ම ගාවට ගිහින් අඩන්න ගත්තා. අනේ ඔම්මවත් මාව තේරුම් ගන්නව නම්. එයාට පුලුවන් වෙය් අප්පගෙ හිතවෙනස් කරන්න. ඒත් ඒ දෙන්නම අකමැති නම් මං මොකද කරන්නේ....? මට හියුන්ගෙන් වෙන් වෙන්න වෙය්ද...? හනේ මට ඒක නම් කරන්න බෑ.
" ඔම්මා......"
ඔම්ම කලේ මං දිහා බලාගෙන හිටපු එක වොතරය්. ඒ....ඒ කියන්නෙ එයාටවත් මාව විශ්වාස නැද්ද....?
" කුකී පුතා ඔයා මේ කියන්නෙ ඇත්තමය් නේද....? ඔයා මටය් අප්පටය් කවදාවත් බොරු කරන්නෑ කියල මං දන්නවා...."
ඔම්මත් අඩන්න වගේ. හියුන්ගෙත් ඇස්වල කදුලු පිරිලා. හියුන්ගෙ ඔම්මය් අප්පය්ත් බය වෙලා හිටියේ.