Jk p.o.v.
මාය් හියුනුය් වැඩි කතාවක් නැතුවම ආපහු සෝල් වලට ආවා. දෙන්නගෙම හිතේ තිබ්බෙ එකම දෙයය්. හැමදේම හොදින් සිද්ද වෙන්න කියන ඉල්ලමය් බලාපොරොත්තුවය්.
හියුන් අපාට්මන්ට් එක ගාවින් වාහනේ නතර කලා. මං හිටියේ නැගිටගන්නවත් ශක්තියක් නැතුව. මගෙ හිත සෑහෙන්න දුර්වල වෙලා. මනුස්සයෙක්ගෙ හිත දුර්වල වුනාම ශරීරය නිකන්ම පන නැති වෙනවා.
" කුකී....එන්න අපි ඇතුලට යං...."
හියුන් කාර් එකෙන් බැහැලා මාව හරහට වඩාගෙන ඇතුලට එක්කගෙන ගියා. මං හියුන්ගෙ බෙල්ල වටේ අත් පටලවගෙන හියුන්ගෙ මූන දිහාම බලාගෙන හිටියා. මේ අපි එකට ඉන්න අන්තිම දවස් ටිකද? ඉස්සරහට මට මගෙ හියුන් එක්ක මේ විදියට ඉන්න බැරි වෙය්ද....? මට මේ දේවල් මතක් වෙද්දි ආපහු ඇඩෙන්න වගේ...
" මං කන්න දෙයක් ඕඩර් කරන්නම්...."
හියුන් මාව පරිස්සමට සෝෆා එක උඩින් වාඩි කරවන ගමන් කිව්වා. හියුන් එලියට ගිය අතරතුරේදි මං ෆෝන් එක ගත්තෙ ඔම්මට කෝල් එකක් දෙන්න. අනේ ඔම්ම අප්පව කැමති කරවගෙන ඇති නේද....?
" කුකී පුතේ...."
" යොබුසෙයෝ ඔම්මා....අප්පා...."
" හ්ම්ම්..... ඒ ගැන හිතන්නෙපා පැටියෝ මං අප්පව කැමති කරවගන්නම් "
" ඒ කියන්නේ ඔම්ම අප්ප තාම කැමති නැද්ද....? "
" ඔයා දන්නවනේ පුතා අප්පාගෙ හැටි. එයා හිතුවොත් ආයෙ ලේසියෙන් වෙනස් කරන්නෑ නේ "
ඔම්ම කතා කලේ කනගාටුවෙන්. ඒ....ඒ....කියන්නේ මට මගෙ හියුන්ව නැති වෙන්නද යන්නේ....?
" ඔ....ඔම්මා එතකොට මට හියුන්ගෙන් ඈත් වෙන්න වෙනවද....? "
මට ආපහු ඇඩෙන්න ආවා. මේ දේ නම් කොහොමවත් වෙන්න දෙන්න බෑ. මට හියුන්ගෙ ඈත් වෙලා ඉන්න නම් කොහොමටවත් බෑ.
" නෑ නෑ පුතා.... ඔයා මේ දේවල් ගැන හිතලා හිත කලබල කරගන්න එපා. මං මේ දේවල් හරිගස්සන්නම්. බය වෙන්න එපා....."
" ඒත් ඔම්මා....."
" අප්පා කැමති වුනත් අකමැති වුනත් මං තමුසෙව බන්දන්නෙ ටේහ්යුන්ට විතරය් ඒ හින්ද පොඩි එකෙක් වගේ මෙතන හොටු පෙරන් අඩන්නැතුව ඉන්නවා. මං අප්පව කැමති කරවගන්නම්...."