සතියක් විතර නිදහසේ ගෙවිලා ගියා ඒත් ජන්කුක්ගෙයි හොබීගෙයි හිත් වලින් නම් නීර ගිහින් හිටියෙ නෑ එයාලා හැම වෙලේම හැමෝ ගැනම අවදනෙන් හිටියෙ.
ජිමින්ගෙ විසි පස් වෙනි උපන් දිනෙත් ලග ලගම එන හින්දා මේ සැරේවත් ඒක සෙලිබ්‍රේට් කරන්න තමයි ජින් හිතාගෙන ඉන්නෙ ඒත් ජිමින්නම් කවදාවත් එයාගෙ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවට කැමති උන්නෑ.ජිනුත් අකමැත්තෙන් උනත් ඒ දේ කරන්න හිතුවෙ ජිමින් කවදාවත් එයාගෙ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා නැති හින්දා.... ... ... ... ... ... ... ... ... ...
ටේට අසනීපයි වගේ හින්දා ජිමිනුත් ටේ එක්ක අද ගෙදර නැවතුනා.
"ටේ දැන් කොහොමද ?...... සනීපයක් දැනෙනවද.."
ටේ හිමින් ඇස් අරින කොට ජිමින් ඇහුවෙ ටේ නැගිට්ටෙත් ගොඩ වෙලාවකට පස්සෙ හින්දා.
" ටිකක් ......."
ටේ ගේ මූන එන්න එන්නම මලානික වෙනවා . ජිමින් ජන්කුක් කිව්ව එකම හේතුව හින්දා ටේ ගැන ගෙදර කාටවත් කිව්වෙත් නෑ. ඒත් ටේගෙ මේ දවසින් දවස් වෙනස් වෙන මූන හින්දා ජිමින්ට ඒක එයාගෙ හියුන්ලට කියන්න හිතුන වාර අනන්තයි.
... ... ... ... ... ... ... ... ... ... ...
"හොබී ........ජිමින්ගෙ උපන්දිනෙන් දින දෙකක විතර කාලයක් ඇතිද අපිට මේක එයාට තේරුන් කරන්න? මොකද මේක එයා දැන ගත්තට පස්සෙ මොන විදිහට රියෑක්ට් කරයිද දන්නෑනෙ"
ජන්කුක් ටිකක් කල්පනා කර කර ඉන්න ගමන් කිව්වෙ එයා මේ දේ ගැන කලින් ඉදන්ම හිතන් හිටියට ඒක වැඩක් වෙයද කියල හිතුන්නැති හින්ද මොකද එයාට දැන්ම අවසර නෑනෙ ඒක කියන්න.
"මාත් ඒක හිතුවා කුකා.. අනික එයාගෙ බර්ත්ඩේ එකෙන් පස්සෙ පායන පුර හද දවසට මොනවා වෙයිද දන්නෑ අපි ඒකට එයාව ලෑස්ති කරන්න ඕනෙ."
"මන් තව ටිකකින් යනවා ජිමින්ලගෙ ගෙදර"
"මන් හිතන්නෙ අදම මේ වැඩේ ඉවරයක් කලොත් හොදයි"
" හොද විදිහක් කරහන් දැන් ජිමින්ගෙ වගකීම තියෙන්නෙ කොහොමත් උබේ අතේ"
°
°
°
°
°
ජන්කුක් ටික වෙලාවකින් ජිමින්ලගෙ ගෙදර ගියා.
බෙල් එක ගැහුවම ජින් ඇවිත් දොර ඇරියා.
YOU ARE READING
Sea Legacy | ✔️
Fantasi⚜Does status matter to love?⚜ ✴Begin-22. April . 2021 ✴END- 28 . June . 2021