CHAPTER - 1

757 166 20
                                    

🌟🌟කියෝ 🌟🌟
 🌟🌟 Chapter 1 🌟🌟

"රැජිණියනි, කරුණාකර මෙය සිදු නොකරන්න...."

" කියෝ, ඇහුම්කන් දෙන්න මා හට....මට ඔබව පමනයි විශ්වාස...."

" නමුත් රැජිණියනි,මා මේ සදහා සුදුසුම පුද්ගලයා වග ඔබතුමියට විශ්වාස ද?"

" කියෝ,මා හට එය හොදින්ම විශ්වාස නිසාවෙනුයි මාගේ පුතුගේ ජීවිතය ඔබගේ සුරතට ලබා දෙන්නේ... ඉක්මනින්ම අප ආක්‍රමණය මැඩපැවැත්වීමට උත්සාහ කරනවා....මේ අසන්න මෙය වෙන්නැති ඒ වෙලාව....ඔබගේ දෛවය මෙයයි කියෝ...ඔබ අයිති ස්ථානයට දෛවය ඔබ රැගෙන යාවි......."

" රැජිණියනි,මා කුමරුන්ව පණ මෙන් ආරකශා කරන්නම්.....මට සමාවෙන්න මෙවැනි මොහොතක ඔබලාව තනි කලාට...."

"ඔබ කරන්නේ ඔබේ රාජකාරිය කියෝ....අප ඉක්මනින්ම නැවත හමුවෙමු....ඔබ ශක්තිමත් නිර්භීත තරුණියක් ....ප්‍රවේශම් වෙන්න..."

කුඩා කුමරුන්වත් ලය තුරූල්ලෙහි තබාගෙන රැජිනියගේ බොද වී යන ඡායාව දෙස මා බලා සිටියේ කදුලු පිරි දෙනෙතකින්....මා මේ වෙන්වීම බලාපොරොත්තු වුනා...එහෙත් එය මෙතරම් ඉක්මනින් පැමිණීම මාගේම අවාසනාව...

මාගේ ඇස් මත්තෙහි ඇති සියලුම දර්ශනයන් බොදවී යන විට මා කුඩා කුමරුන්ව තදින් වැලදගත්තේ ඉදිරීයේදී  පැමිණෙන සියලුම බාධක කෙසේ හෝ ජය ගන්න අදිටනින්....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ආහ් මාගේ හිස මතට කවුරුන් හෝ ගලක්  අතෑරියා මෙන් හිසෙහි රුදාව ඉවසිය නොහැකි !!....

කිමද මේ මාගේ හස්තයන් සැහැල්ලු..... කුමරුන් කොහිද??.....

" කුමරුනී!!......."

හිසේ රුදාව දෙපිටින් ගියාවෙ ....කොහිද කුඩා කුමරුන්....ඒත් මා මේ කොහිද සිටින්නෙ....

" ආහ්....නුඹලා කවුරුන්ද......කොහිද මා සමග සිටි කුඩා කුමරුන්...පවසනු වහා..."

මා වටපිට බැලූ විට සිටියෙ පිරිමි ලමුන් දෙදෙනෙක්....මා දෙස උවමනාවෙන බලාගෙන සිටියා....මොවුන් කුමරුන්ට කුමක් සිදු කර ඇත්ද...එසේ උවහොත් මා මොවුන්වත් මරාගෙන මියැදෙමි...

ප්‍රථමයෙන්ම  හඩ අවදි කලේ උස කඩවසම් තරුනයා....

" අහ්...මේ අහන්නකෝ බබාට කරදරයක් නෑ....එයා නිදි...එහා කාමරේ තමයි ඉන්නේ....මේ ඔයා කවුද කියන්න පුලුවන්ද?...."

🌟🌟කියෝ 🌟🌟||JHS✅Where stories live. Discover now