🍫💛𝕄𝕚𝕟𝕖 𝔹𝕖𝕤𝕥𝕚𝕖💛🍫
😋: ආව්.....ආව්.....මොකද යකූ ගහන්නෙ? උබට පිස්සුද? 🙄
මං කෑ ගහන්න පටන් ගත්තෙ නේහා මට කොන්දට හයියෙන් හයියෙන් තඩිබාන්න පටන් ගත්ත නිසා.....🧠: මේකි හිතුවද දන්නෙ නෑ මං මහාඋරුග දැවැන්තයා කියල, මේකිගෙ ඇටකෝටු අත්වලිම් ගහන පාරවල් සමසේ දරා ඉවසා සිටින්න 😑
😋: ආ ඇටිකිච්චි ඕක නවත්තපියව්.... මගෙ ප්‍රතිපත්තියක් තියෙනවා කෙම්ලන්ට ගහන්නෙ නෑ කියල....ඒකයි තෝ තාම යහතින් ඉන්නෙ🤧🤧
💛: ඊඊඊඊඊඊ .....නාම්බො කිව්වා නේද මට පිස්සු කියන්ඩෙපා කියල.....😡 අනික ඇටිකිච්චි කියන්නෙ....කෑවට මහත් වෙන්නෙ නෑ කියල මං මොනා කරන්නද 🙄
හිපාටුවො......😶😋: ඉතිම් පිස්සිට පිස්සු කියන්නෙ නැතුවයි ඇටිකිච්චිට ඇටිකිච්චි කියන්නෙ නැතුවයි මොකක්ද මං දැන් කියන්න ඕනි? 😂😂
මං එහෙම ඇහුවෙ නේහා මාවත් තල්ලු කරල ගස්සලා අහක බලද්දි......
🧠: හෆ්ෆා...හික්ස් 🤪🤪 මෙන්න මේකිට කේන්ති ගිහින්.....දැන් නම් යාලුකරගන්නෙක ලේසි නෑ......මේ පාර චොක්ලට් 🍫 වලිම් ශේප් වෙන්න බැරි තත්වයක් පෙන්නුම් කරන්නෙ....
😋: ඒ සුදූ මගෙ මැනික....මෙහෙ එන්නකො... මං විහිලුවටනෙ බන් කිව්වෙ.... ඔයා දන්නවනෙ මේ මගෙ කට ටිකක් මගේ පාලනයෙන් වෙන්වෙලා මේ දවස් වල පාර්ලිමේන්තුවෙ විදියට හැසිරෙනවා කියල....
මං එහෙම කිව්වෙ කෙල්ලව පොඩ්ඩක් ශේප් කරන්ඩ හිතලා 😁
💛: බෑ මට බෑ..... මං තරායි ඔවා එක්ක.... ඕනිම නෑ මට කතා කරන්න...මං යනෝ යන්න..
😋:මෙන්න මේකි ගෙදර යනවා..... ඒ මේ උබට මේ අයිස් ක්‍රීම් එක එපාද?
මං එහෙම ඇහුවෙ මේකි අර හිම්පිචි පස්ස ඕනවටත් වඩා ගස්ස ගස්ස මගෙන් ඈතට යද්දි....😂 හරි පස්ස කියල හිතේ....මට හිතුනට මං කියන්ඩ ගියෙ නෑ...ආයි මොකෝව් ඉල්ලම් කන්නෙ
💛: ආ මට ඕනිහ්...දෙම්න ඕක....
ආයිත් මං ගාවට දුවල ආපු කෙම්ල මගෙ අතේ තිබුන අයිස් කෝන් දෙකම අරගෙන ගියා... අරගෙන ගියා කියල කිව්වොත් ඒක සදාචාරාත්මක මදි....ඇයි ඉතිම් ඒකි ඒ දෙක උදුරගෙනනෙ අරම් ගියෙ...😒
YOU ARE READING
💛 𝕄𝕚𝕟𝕖 𝔹𝕖𝕤𝕥𝕚𝕖 💛 එයා මගේ පිස්සි ....😌💛
Teen Fictionහොදම යාලුවො දෙන්නෙක්ගෙ කතාවක් හොදේ.....මේ මං ලියන පලවෙනි පාර නිසා අඩු පාඩු ඇති ගොඩක් ...😅😅 ඒවත් ලියාගෙන යමු ඉතිම්.... බලමු මේ ඩබලගෙ යාලුකම ඉස්සරහට මොන විදියට විකාශනය වෙයිද කියල..... 😌💛