Taehyung p.o.v.
මං පුලුවන් තරම් ඉක්මනට ඩේගුවල ඔම්ම ඇඩ්මිට් කරලා තිබ්බ හොස්පිට්ල් එකට ආවා. මං මේ ගමන ආවෙ ඔම්ම නිසාමය්. තාමත් මගෙ හිතෙ තිබ්බ අමුතු හැගීම අය්න් වෙලා තිබ්බෙ නෑ. කුකී ගෙදර ගියාද දන්නෑ....? ඇය් තාම කෝල් කලේ නැත්තේ...? මෙච්චර වෙලා යන්න විදියක් නෑ කොහොමත්. මේ කොල්ල කොහාට හරි වෙලා අඩනවවත්ද...? ඒත් කුකී එච්චර මෝඩ ළමයෙක් නෙමේ නේ...?
මං දාහක් දේවල් හිතමින් පිස්සුවෙන් වගේ හොස්පිට්ල් එක ඇතුලට දිව්වා. ඔම්ම හිටියෙ ICU එකේ. අනේ...ඔම්මට හුගක් අමාරුද...? මට දැනුනේ මගෙ පපුව හිර වෙනව වගේ... ඔම්මව මට නැති කරගන්න බෑ...
මං දුවගෙන ගියේ ICU එක ගාව බෙන්ච් එකේ වාඩි වෙලා ඉන්න අප්පා ගාවට. මං දැක්කම අප්පා මාව බදාගත්තා. එයා ඉන්නෙ හුගක් දුකින්. අප්පා කවදාවත් මාව ලේසියෙන් හග් කරන කෙනෙක් නෙමේ...
" අප්පා....මොකද්ද වුනේ....ඔම්ම හොදට හිටියනේ....? "
මං අප්පගෙන් ඈත් වෙනගමන් ඇහුවා. මගෙ කටහඩ වෙවුලනවා. එහෙන් ඔම්ම ICU එකේ... එහෙන් මං කුකීව තනියම සෝල්වල දාලා ආවා... මගෙ හිතට ලොකු අමුත්තක් දැනෙනවා...
" උදෙත් හොදට හිටියා පුතා... ඒත් රෑ වෙද්දි එක පාරටම හුස්ම ගන්න බැරුව අමාරු වුනා... මොනව වුනාද කියලා මටවත් තාම හිතාගන්න බෑ. ඩොක්ටර්ස්ල තව ටිකකින් චෙක් කරලා රිසාල්ට් කියය්... ඒත්....ඔම්මට අමාරුය් පුතා...."
අප්පා අන්තිම ටික කිව්වෙ ඉකි ගගහා. නොදැනිම මගෙ කම්මුල් දිගෙත් කදුලු ගලන්න ගත්තා. මං මේ වෙලාවෙ දුර්වල වෙලා හරියන්නෑ. මං අතින් කම්මුල් දිගේ ගලන කදුලු පිහගත්තේ අප්පව ආපහු බෙන්ච් එකෙන් වාඩි කරවමින්.
" ඩොක්ටර්ස්ල හැමදේම කරය් පුතා අපි බලන් ඉම්මු..."
අප්පා කිව්වම මං කලේ ඔලුව වනපු එක විතරය්. මගෙ හිතම අමුතු හැඟීමකින් වට වෙලා තිබ්බේ... මොකක් හරි නරක දෙයක් වෙන්න යන්නේ....අනේ ඔම්මට නම් කිසිම කරදරයක් වෙන්න එපා.
" ටේ ඔයා ආවද...."
පුරුදු කටහඬක් ඇහුනු නිසා මං ඔලුව උස්සලා බැලුවා. ඒ හිටියේ යුමී.... මෙයා අද මෙතන නොහිටින්න මට කුකී මගෙ ළඟ තියාගන්න තිබ්බා. මට ඒ මූන දකිද්දි තරහක් ආවත් මං ඒ තරහ පාලනය කරගත්තේ ඔම්මට අමාරු වුන වෙලේ මෙයත් උදව් කරා කියලා මතක් වෙද්දි.