CHAPTER - 4

466 153 7
                                    

🌟🌟කියෝ🌟🌟
🌟🌟 chapter 4🌟🌟

" හ්ම්ම්  ...අර්ධ ෆීනික්ස් කෙනෙක් කියන්නෙ.....ෆීනික්ස් බාගෙටකට නෙමෙයි හොදේ....අනේ මන්දා කොහොම කියන්න කියලා.....

අර්ධ ෆීනික්ස්ලා කියන්නෙ ශාපලත් ආත්ම වලට...ඒ කියන්නෙ මේකයි....ඔයාලා දන්නවනේ ෆීනික්ස් කියන වචනෙ එක්ක අනිවාරෙන් ආලෝකය තියෙනවා කියලා...ෆීනික්ස්ලා ඉපදෙන්නෙ ආලෝකයෙන්...ඒත් අර්ධ ෆීනික්ස්ලා ඉපදෙන්නෙ අදුරෙන්...ඒ කියන්නෙ අර්ධ ෆීනික්ස්ලා ඉපදෙන්නෙ අමාවක දවස් වල...ඒක තමයි ඇත්ත...

ඉතින් මමත් ඒ වගේ කෙනෙක්...අර්ධ ෆීනික්ස්ලා ෆීනික්ස් ලෝකෙට අයිති නැති අය...එයාලට අනිවාරෙන් ඒ ලෝකෙ අතාරින්න වෙනවා හැමදාටම....ඒක නිසා එහෙම ෆීනික්ස්ලා පොඩි කාලෙම එයාලගෙ පව්ලෙන් ඈත් කරනවා...ඒ වගේම එයාලට බැඳීම් ඇති කරගන්න දෙන්නෙ නෑ....

ෆීනික්ස්ලට ඉන්නවා අනිවාරෙන් ෆ්ලේම් කෙනෙක්...ඒ කියන්නෙ තමන්ගෙ සහකාරිය හෝ සහකාරයා...ඒත් අපි වගේ අයට ෆ්ලේම්ව හොයාගන්න වෙන්නෙ වෙනත් ලෝකෙකින්...ඔයාලට තේරෙනවනේ....අනික මේ වගේ අර්ධ ෆීනික්ස්ලා විදියට ඉපදෙන්නෙ ගෑනු අය විතරයි...ඒ වගේම අපිට විතරයි මනස කියවන්න පුලුවන්..

ඒත් අපිට අපේ ෆ්ලේම්ගෙ හිත කියවන්න බෑ...ඒකෙන් තමයි අපි අපේ ෆ්ලේම්ව හොයාගන්නෙ....

පූර්න ෆීනික්ස්ලට පුලුවන් ගින්දර හසුරවන්න , ගින්දර මවන්න ...ඒ වගේම රාජකීය ෆීනික්ස්ලට පුලුවන් කුරුලු ස්වරූපයට පරිවර්තනය වෙන්නෙ...අපිට බෑ ඉතින්....

මම මෙහෙට එන්න හේතුව තමයි රාජධානියට නොහිතපු වෙලාවක මුහුන දෙන්න වුනු ආක්‍රමණය ...මම දන්නෙ නෑ මමම ඇයි ඒකට තෝරගත්තෙ කියලා...ඒත් මේක තමයි මගේ දෛවය...

සමහර විට මට මෙහෙදි මගේ ෆ්ලේම්ව හොයාගන්න ලැබේවි..."

දැනටමත් මෙයාලට නින්ද ගිහින්ද කොහෙද...

" කියෝ.....ඔයාගෙ ෆ්ලේම් ඔයා ගැන දැනගන්නෙ කොහොමද.?..."

ඔහ්...ජින් ඔප්පා නිදි නෑනේ...

"එයාටත් ඉගි ලැබෙනව ජින් ඔප්පා...ඒ කියන්නෙ එයාට මාව හීනෙන් පේන එක..මාව දැනෙනව ඇති සමහර විට....සමහර විට මගේ කටහඩ එයාට ඇහෙනව ඇති ...ඒ වගේ ඒවා තමයි...."

" කියෝ...ඇයි ඔයා අපේ ගෙදරටම කඩාන් පාත් වුනේ..."

මේ ජිමින් ඇයි මට මෙහෙම්මම කතා කරන්නෙ ඇත්තටම....

" ඒක නම් දන්නෙ නෑ ජිමින්...මේකනෙ රැජිනිය තමයි දොරටුව විවෘත කලේ..ඉතින් මම ආවා...අනිවාරෙන් රැජිනිය ආපහු කුමාරයව ගන්න එන්නෙත් ඒ මම මතු වෙච්ච තැනින්මයි....."

" ජින් හියුන්...මට මගේ කාමරේ මාරු කරගන්න ඕනි...ඇදුම් මාරු කරද්දි එහෙම එක පාරටම ගෑනු කෙනෙක් මගේ කාමරේට කඩන්පාත් වෙනවට මම කැමති නෑ...."

මෙයා බලන්නකෝ....හරි අගේ ඇගනේ බලන්න.....

" කියෝ නූනා මට තව එක පොඩි ප්‍රශනයක් තියෙනවා..."

" අහන්න ජිමින්..."

" ඔයාලා එහෙදි කෑවෙ පනුවොද?...නෑ මම ඉතින් ඇහැව්වෙ නිකන්..."

" නෑ ජිමින් අපි කෑවෙ පලතුරු...
ඔයාලට නිදිමත නැද්ද ආ.?..."

"ඔව් මටත් නිදිමතයි...යමු ජිමින් ...ඉන්න මම ඔයාව එක්කගෙන යන්නම්....කියෝ එන්න යමු...

අස් කරන්න වැඩි දෙයක් තිබ්බෙ නැති නිසා මම හිමීට කෑම ගෙනාපු කවර ටිකත් අරගෙන පහලට ගියා....

මේ එපා කරපු ගව්මත් ඇදන් කොහොමහරි පහලට බැහැගත්තා...ජින් ඔප්ප ජිමින්ව කාමරේට එක්ක ගෙන ගිහින්...මම කොහේ නිදාගන්නද අනේ...ජින් ඔප්පා එනකන් ඉන්නවා වෙන මොනව කරන්නද?....

" ආහ් කියෝ...ඔයා යමු බබා ඉන්න කාමරේට...ඉන්න ඔයා ඔය ඇදුමින්ද නිදා ගන්නෙ...මම ඔයාට ජිමින්ගෙ ඇදුමක් දෙන්නම්...ඉස්සෙල්ල එන්න ඔයාට බාතෲම් එක පෙන්නනන්න...ඒකෙ තියෙන ඒව ගැනත් මම කියලා දෙන්නම්..

" ඕනෙ නෑ ජින් ඔප්පා....මට ඒව ගැන ජිමින් කියලා දුන්නා..."

" ආහ්...හරි ඉන්න මම ඇදුම ගෙනත් දෙන්නම්..."

ජින් ඔප්පා ඇදුම ගෙනත් දුන්නට පස්සෙ මම කුමාරය හිටපු කාමරේට ගිහින් ඇගත් හෝදගෙන ඇදේ හාන්සි උනේ මරලා දාලා වගේ ..

මගේ ජීවිතේ අමුතුම දවස අද...වෙන්න පුලුවන් ඒවද අනේ වුනේ?....මොනව උනත් ගෙදර ඉන්න අනිත් කොල්ලො මොන වගේද දන්නෙ නෑ?...මට මොනව කරාවිද මන්දා?...එයාලත් ජින් ඔප්ප වගේ උනොත් හොදයි...

ඉස්සරහට මගේ ජීවිතේ මොන වගේ වේවිද...කොහොම ගෙවේවිද???...

°
°
°

එක දවසට චැප්ටර් දෙකක් දුන්නා....මම රටක් වටින කෙල්ලෙක් 😂😂😂😂 .............

_VIKII_

🌟🌟කියෝ 🌟🌟||JHS✅Tempat cerita menjadi hidup. Temukan sekarang