♕17.Chapter

415 112 31
                                    

"මන් ඔයාගෙ හියුන් නෙවේ..........."
ජිමින්ගේ ඔලුවේ දෝංකාර දුන්නෙ ඒ වචන පෙල විතරමයි. හියුන් ඒක ඇත්තටමද කිව්වෙ........ නැත්තන් මේක හීනයක්ද............

ජිමින්ට ඕනෙ උනේ නෑ මේ දැන් යුන්ගි කියලා ගිය එක විසවාස කරන්න මේක හීනයක් කියලයි ජිමින් හිතුවෙ.එයා මූනට දෙසැරයක් තුන්සැරයක් තට්ටු කරගෙනත් බැලුවා.......චුට්ටක් කොනිත්තගෙනත් බැලුවා ඒත් ...........................

"මේක හීනයක් නෙවේ.........එතකොට හියුන් ඒක මට ඇත්තටමද කිව්වේ එයා කැමති නැද්ද මන් මෙහේ ඉන්නවට ............එයාට ඕනෙ මන් මෙහෙන් යනවටද...........හියුන් ඒක නම් ඔයාගෙ කැමත්ත මන් යන්නම් හියුන් ඒත් ඔයා මගේ හියුන් කියන එක මොන විදිහෙන්වත් වෙනස් කරන්නෙ නෑ මන්..........."

"ජිමිනා ඇයි මේ අඩන්නෙ.............මොකද මේ වෙන්නෙ.........."

"ටේ ........පරිස්සමින් ඉන්න....... මන් යනවා ........"

ජිමින් තවත් මුකුත් නොකියම පල්ලෙහාට ආවා.

"ජිමිනා............කොහෙද යන්නෙ.......මොකද මේ වෙන්නෙ"

ටේටනම් මුකුත් තේරුම් ගන්න බෑ එයාත් ජිමින්ගෙ පස්සෙන් කෑ ගගහා පල්ලෙහාට ආවා.

"කුකී...........යමු මම ලෑස්තී......."

ජිමින් පල්ලෙහාට ඇවිත් කෙලින්ම ජන්කුක් ඉන්න තැනට ගියෙ. යුන්ගි හිටියෙ ඒ හැමෝටම පිටුපාලා සෝෆා එකේ ඉදගෙන. එයා ඇඩුම ජිමින් දිහා බලන්නෙවත් නෑ.

"ජිමින්????........"

ජන්කුක්ටත් හිතා ගන්න බැ යන්න බෑ කිව්ව ජිමින්ද මේ දැන් යමු කියන්නෙ කියල. ජිමින්ගෙ කටහඩේ කිසි සැලීමක් නෑ එයා එයගෙ තීරනේ ස්තිරව ඉන්න බවක් තමයි හැමෝටම පෙනුනේ.

"ජිමින් ඔයාට පුලුවන්ද හියුන්ලව දාලා යන්න?......"

මෙච්චර වෙලා මේ දිහා නිහඩව බලාන් හිටිය ටේ එක පාරට කිව්වම හැමෝම බැලුවෙ ටේ දිහා.

"කියන්න ජිමින්.........ඔයාට පුලුවන්ද ඔයාගේ හියුන්ලව මේ මාව දාලා යන්න. ඔයාට සතුටින් ඉන්න පුලුවන් වෙයිද එහෙ.........."

හැමෝටම පුදුමයි ටේ කිසි දෙයක් දන්නැතුව මොනාද මේ කියවන්නෙ කියලා.

Sea Legacy | ✔️Where stories live. Discover now