Taehyung p.o.v.
මාය් ජැක්සනුය් ICU එක ගාව බිත්තියට හේත්තුවෙලා ඔහේ බලාගෙන හිටියා. හැමදේම හිස්.... මං කිසිම හැගීමක් නැතුව ඔහේ බලාගෙන හිටියා. ඉස්සරහට මොනව වෙය්ද ? කුකී මගෙන් ඈතටම යය්ද...? ඒ දේ ගැන හිතද්දිත් මගෙ පපුව පිච්චෙන තරම් වේදනාවක් දැනුනා.
මට මතක් වුනේ මං කුකී එක්ක සතුටින් ආදරෙන් හිටපු ඒ ලස්සන මතක. බොරුවට රණ්ඩු වුන හැටි... මගෙ හියුන් ගගා මගෙ ඇගේ එල්ලෙන හැටි... මගෙ හිත සැනසෙන්න ඒ උණුසුම් පපුවෙ මූන හංගගත්තු හැටි.... අපි අපේම වුනු හැටි... ඒ හැමදේම මට මතක් වුනා... මගෙ මූනට වේදනාබර හිනාවක් නැගුනේ ඒ ලස්සන ජීවිතේ මතක් වෙලා. ඒත්...දැන් ඒ හැමදෙයක්ම අනික් පැත්ත පෙරලිලා... මගෙ ඇස් ඉස්සරහම මගෙ ජීවිතේ ලස්සන කරපු කෙනා ජීවිතේ එක්ක සටන් කරනවා. අපි දෙන්නගෙ ලස්සන හීන.... මේ හැමදේම එකින් එක බොද වෙලා යනවා වගෙය් මට දැනුනේ...
මේ හැමදේකටම හේතුව මම... ඒ වරදකාරී හැගීම මගෙ මුලු හිතම වෙලාගෙන තිබ්බේ. මං තවත් එයා එක්ක ඉන්න එකෙන් එයාට හොදක් වෙය්ද...? මොන දේ වුනත් කුකීගෙ ජීවිතෙය් මට වටින්නේ. මං නැති වුනත් ඒ ළමයා සතුටින් ජීවත් වෙන්න ඕනේ. මං මගේ සතුට වෙනුවෙන් එයාගෙ ලස්සන ජීවිතේ එක්ක සෙල්ල්ම් කලා වගේ වරදකාරී හැගීමක් මට දැනුනා.
" මේ ඇතුලෙ ඉන්න ලෙඩාගෙ කවුරුහරිද...? "
මගෙ අවදානෙ එතනට ආපු ඩොක්ටර්ගෙ කටහඩින් බිදුනා. මාය් ජැක්සනුය් ඉක්මනට නැගිට්ටෙ ඩොක්ටර්ට කතා කරන්න.
" ඔව් ඩොක්ටර්..."
මං ඉස්සරහට ගිහින් කතා කලා. ඩොක්ටර් මගෙ දිහා හුගක් අවදානෙන් බැලුවා.
" මේ ලෙඩාගෙ කව්ද...? "
ඩොක්ටර් ඇහුවෙ සැකෙන් වගේ. කුකීට මෙහෙම වෙන්න හේතුව මං කියලා හිතුවද දන්නෑ...
" මං එයාගෙ බෝය්ෆ්රෙන්ඩ් ඩොක්ටර්..."
මං එහෙම කිව්වම ඩොක්ටර් මං දිහා බැලුවේ තවත් සැකෙන්.
" එතකොට ලෙඩාට මෙහෙම වෙද්දි ඔයා කොහෙද හිටියේ ? ඔයාල දෙන්න අතර බහින්බස් වීමක් එහෙම වුනාද ? "
" අනී නෑ ඩොක්ටර්... මගෙ ඔම්මට අමාරු වෙලා එයාව හොස්පිට්ල් ඇඩ්මිට් කරපු නිසා මං එයාව බලන්න ඩේගු ගියා. ඒ වෙලාවෙ තමය් මේක වෙලා තියෙන්නේ. කිසිම බහින්බස් වීමක් වුනේ නෑ..."