You and I

1.8K 294 99
                                    

Taehyung p.o.v.

" පුතා... දවසම ඔහොම කාමරේ අස්සට වෙලා ඉදලා හරියනවද...? පොඩ්ඩක් එලියට එන්නකෝ...."

සති දෙකක්.... මං කුකීගෙන් ඈත් වෙලා දැන් සති දෙකක්.... මං මේ සති දෙක ගත කලේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. ඔම්මව හොස්පිට්ල් එකේ ඉදන් ගෙදර ගෙනාවට පස්සේ මං කාමරෙන් එලියටවත් බැස්සෙ නෑ. මං කලේ ඇදේ ගුලිවෙලා අපේ පරන මතක අතරෙ ජීවත් වුනු එක.

ඔම්මව ගෙදර එක්කගෙන ආපු දවස්වලම කුකීවත් ගෙදර ගෙනාවා කියලා ජැක්සන් මට කතා කරලා කිව්වා. කුකී මට නිතරම කෝල් කරන නිසා මං ෆෝන් එක විසි කරලා දැම්ම නිසා මට ජැක්සන්ගෙන් කුකී ගැන විස්තර දැනගන්නවත් බැරි වුනා. ඒත් එයා හොදින් ඇති. මට ඒක දැනුනා...

ඒත්... මං හොදින් නෙමේ... මට කුකීගෙ උනුහුම තදින්ම ඕනෙ වුනා. එයාගෙ පපුවට තුරුල් වෙලා ඇති තරම් අඩලා මගෙ වේදනාව පිට කරන්න ඕනෙ වුනා. ආයෙ ඔයාට කරදරයක් වෙන්න දෙන්නෑ කියලා ලෝකෙටම පොරොන්දු වෙලා මට ආපහු ඔයා ගාවට එන්න ඕනෙ වුනා. ඔයාගෙන් ඈත් වෙලා ඉන්න පුලුවන් වෙය් කියලා හිතුවට මට ඒක කරගන්න බෑ. මගෙ ජීවිතේ කොටසක් මාව අතෑරලා ගිහින් වගෙය් මට දැනුනේ.

" පුතා...."

ඔම්මා මං ගාවට ඇවිත් වාඩි වුනේ මගෙ ඔලුව අතගාමින්. මං ඔම්මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන එයාට තුරුල් වෙලා අඩන්න ගත්තා. මට මේ දුක තවත් විදින්න බෑ. මට කුකීව ඕනේ...

" ඔම්මා මට කුකීව ඕනේ...."
මං ඉකිගහමින් කතා කලා.

" ඔයාට එයාව ඕනෙ නම් පුතා එයා ගාවට ආපහු යන්න..."

ඔම්මා කිව්වෙ ආදරෙන් මගෙ ඔලුව අතගාමින්. ඒත් මං කොහොමද එයා ගාවට යන්නේ... මං එයා ලග ඉන්න එක එයාට අනතුරක්. ඇරත් කුකීගෙ අප්පා මාත් එක්ක ඉන්නෙ හුගක් තරහෙන්. මං කුකීට ආපහු ලං වෙනවට එයා පොඩ්ඩක්වත් කැමති නැති වෙය්.

" ඒත් ඔම්මා.... කුකීගෙ අප්පා...."

" ඔයාගෙ හිත ඉල්ලන දේ.... හිත කැමති දේ... හරි කියලා හිතෙන දේ කරන්න....එතකොටය් ජීවිතේ සතුටින් ඉස්සරහට ගෙනයන්න පුලුවන් වෙන්නේ..."

ඔම්ම කතාකලේ ලස්සන හිනා වෙමින්. මට හිනාව අතරින් මැවුණෙ ලස්සනට හිනාවෙලා මං දිහා බලන් ඉන්න කුකීව.
මං එයා ගාවට ආපහු යන්න ඕනේ. ඒත් ඒ හරි දේද.....??

Contingence... ✔️✔️Where stories live. Discover now