Author Note

1.3K 233 195
                                    

හාය් ලව්ලි රීඩර්ස්....

ඔන්න මං Contingence කතාව ඉවර කලා. ලාස්ට් චැප්ටර් එක කොහොමද? කතාව ගැනම ඔයාලගෙ අදහස් දිග කමෙන්ට් එකකින් මට කියන්න. හැමෝගෙම අදහස් මට හුගක් වටිනවා.

මෙච්චර කල් මගෙ කතාව කියවපු හැමෝටම හුගක් තැන්කූ ❤️❤️ හැමෝටම මං හුගක් ආදරෙය්. ❤️❤️ වෝට් කරපු හැමෝටමත් හුගක් ආදරෙය් ❤️❤️ කමෙන්ට් කරපු අයටත් ගොඩාරියක් ආදරෙය් ❤️❤️

ඕකේ මං මගේ ලව්ලි රීඩර්ස්ලට මේ කතාව ලියන්න මට අය්ඩියා එක ආවෙ කොහොමද කියලා නොකියා ඉන්න එක හරි නෑ නේ 😁 ඇත්තටම මං මේක ලිව්වෙ මගෙ ලය්ෆ් එක්ස්පීරියන්ස් එකකින්. මුලු කතාවම එහෙම නෑ... ෆස්ට් චැප්ටර්ස් දෙක තුන මට ඇත්තටම සිද්ද වුනු දෙයක්. ඉතින් ඒ සිදුවීම් ටිකත් එක්ක තමා මං කතාව ඉස්සරහට ගොඩනැගුවේ. මං හිතනවා මගෙ පිස්සු කතාව ඔයාලා ආසාවෙන් කියෙව්වා කියලා කියලා 😁❤️

ඇත්තටම මං මේක පබ්ලිශ් කරද්දි මේක 100ක් වත් කියවය් කියලා හිතුවෙ නෑ. ඒත් අද වෙද්දි කතාවට 11K views  & 2K votes.... ඇත්තටම මට දැනෙන්නෙ කියාගන්න බැරි සතුටක්. නිකමට ලියන්න ගත්තු කතාවට මේ තරම් ආදරයක් ලැබුන එක ගැන හුගක් සතුටුය්.

මං මතක් කරන්න ඕනෙ අයත් ඉන්නවා. ස්පෙශලි Playerette_21 අක්කා. එයාගෙන් තමය් අක්කා මං කතාවක් ලියනවා කියලා මට අව ප්‍රශ්නවලට උපදෙස් ගත්තෙ. මට ලියන්න උපදෙස් දුන්නෙ අක්ක තමය්. අක්කට ඒ වෙනුවෙන් හුගක් තෑන්ක්ස් ❤️❤️ එයා මගෙ කතාවෙ ලින්ක් එක ශෙයා කරලා සපෝට් කලේ නැත්තම් ඇත්ටටම අද කවුරුත් මේ කතාව කියවන්නෙ නැති වෙන්න තිබ්බා.

ඊලග කෙනා තමය්  @kimNuVi  අක්කා. එයත් මට හුගක් උදව් කලා. එයත් මගෙ කතාව ශෙයා කලේ නැත්තම් මේක මෙච්චර අය කියවන්නෑ. ඉතින් අක්කටත් හුගාරියක් තෑන්ක්ස් ❤️❤️

ඊලග වැදගත්ම කෙනා තමය් Jeonanjali මාව කතාව ලියන්න මෝටිවේට් කලේ මෙයා තමය්. තව ඉතින් මං කියවන එව්ව ඔක්කොම අහන් හිටියෙත් මෙයා තමය්. කතාව ලියාගෙන යද්දි මෙයාගෙ ෆීඩ්බැක්ස් ගොඩක් වැදගත් වුනා මට. මේ කතාව ලස්සන කරගන්න කරපු හැමදේකටම තෑන්ක්ස් ❤️❤️

ඊලගට වැඩිපුරම තෑන්ක් කරන්න ඕනෙ ඔයාලට. මේක කියවන රීඩර්ස්ලට. ඔයාලගෙ වෝට් එකකින් මට කතාව ලියන්න ලොකු උප් එකක් ආවා. මං හිතන්නෙ කතාව මේ විදියට ගලාගෙන එන්න ඒක ලොකු හේතුවක් වුනා. ඔයාලගෙ කමෙන්ට්ස් මට ගොඩක් වටිනවා. හැමදාම කමෙන්ට් කරපු හැමෝටම තැන්කූ ❤️❤️

ගොඩ අය අහලා තිබ්බ මං කොහොමද හැම චැප්ටර් එකක්ම සිංදුවක් එක්ක ගලපන්නෙ කියලා. ඇත්තටම මටත් ඒකට උත්තරයක් නෑ. මං කතාව ලියාගෙන යද්දි මගෙ ඔලුවට සිංදුවක් එනවා. මං ඒ සිංදුව චැප්ටර් එක අන්තිමට ටය්ප් කරනවා. ඒක කොහොම වුනාද කියලා මටත් ඇත්තටම හිතා ගන්න බෑ.

ඉතින් ආපහු පාරක් කියන්න තියෙන්නෙ මෙච්චර කල් මාත් එක්ක හිටපු හැමෝටම හුගක් තෑන්ක්ස් කියලා. මේ කතාවට මෙච්චර ආදරයක් ලැබෙය් කියලා මං ඇත්තටම හිතුවෙ නෑ.

ඒ වගේම මට හොද රීඩර්ස්ලා හම්බුනා. හැමදාම ප්‍රය්වට් මැසේජ් කරලා කතා කරන යාලුවො ටිකකුත් මේ කතාව ඇතුලෙදි මට හම්බුනා. ඒ හැමදේකටම ඔයාලට ගොඩක් ස්තූතිය් ❤️❤️

ඉතින් ආයෙ Contingence කතාවෙ අප්ඩේට් එකක් එන්නෙ නෑ. මෙච්චර කල් කතාව කියවලා මට උදව් කරපු හැමෝටත් ආදරෙය් ❤️❤️ ඔයාල මේ විදියටම Hyung කතාව එක්කත් එකතු වෙය් කියලා හිතනවා.

ආපහු පාරක් හැමෝටම ස්තූතිය් ❤️❤️ අදත් කතාව ගැන හිතුනු දේ කමෙන්ට් කරය් කියලා ආසාවෙන් බලන් ඉන්නවා. හැමෝටම ගොඩාක් ආදරෙය් ❤️❤️

එහෙනම් ඕතර් කතාව ඉවර කරන්නය් යන්නේ.... 😭😭

Love u all ❤️❤️

crazy_sv

Contingence... ✔️✔️Where stories live. Discover now