මම පොඩි කාලේ අපිට ලස්සන පවුලක් තිබුනා.අම්මයි ,තාත්තායි ,නංගියි ,මමයි ජිවත් වුනේ සුරංගනා ලෝකෙක .අපේ තාත්තා මනුස්සයෙක් නෙමෙයි මිහිපිට දෙවියෙක් වගේ.තාත්තාට ලොකු රස්සාවක් තිබුනේ නෑ .එයා රියදුරු කෙනෙක් .ඒ වුනාට තාත්තා හැම සෙනසුරාදාම අපිව පූල් එක්කන් ගිහින් , හොද හෝටලයකින් කන්න අරන් දුන්නා.සතියේ දවස් පහේම ඔෆිස් එකේ වාහන එලෙව්වා,ඉරිදාට 138 කොට්ටාව පිය කොටුව බස් එකත් වැඩ කරා.එයා මොන දුකක් පෙන්නුවත් අපිට ඒවා පෙන්නුවේ නෑ. (මගේ නම මිශේල් ) අන්තිමට මම ලොකු ලමයෙක් වුනාට පස්සේ නයක් අරන් ලස්සනට ගේ හැදුවා.අම්මා නය වෙන්න එපා කිවුවාම තාත්තා කිවුවා ."ලමයි ලොකු වෙද්දි ගෙවල් දොරවල් ලස්සනට තිබ්බේ නැති වුනොත් ලැජ්ජාව කියලා."
මිශෙල් මෙන්න ඇගේ මව මයන්තිද රෑප සම්පතෙන් අගතැන්පත ය .අම්මයි දුවයි පාරේ තොටේ යද්දි හතර වටේ කොලු කුරුට්ටන් බැල්ම දාන්නට පටන් ගත්තේ ඒ නිසාවෙන් විය යුතුය.
"අම්මයි මමයි පාරෙ යද්දි අක්කා නගෝ කොහෙයන්නේ කියලා අහනවා.ඒ දවස් වල ගමේ ම කොල්ලන්ගේ මෝට සයිකල් වල තෙල් නැතුන නවතින්නෙයි , අපේ ගේ ලග තමයි .සමහර දාට ඉස්කෝලේ යන්න ගේට්ටුව අරිද්දි ගේ ඉස්සරහා පාරේ ' මිශෙල් අයි ලව් යූ ' කියලා ලියලා තියෙනවා.අන්තිමට තාත්තා නැන්දාගෙන් ණය ඉල්ලගෙන ගෙදර වහලටත් වඩා උස වහලක් බැන්දා."
" අම්මා තමයි මාවයි නංගිවයි ඉස්කෝලෙ එක්කන් ගියේ. ඔහොම ටික කාලයක් යද්දි අම්මා ගොඩක් වෙනස් වෙන්න ගත්තා.මුලු ගෙදරම කිලිටු රෙදි කදු පිටින් ගොඩ ගහලා.කාපු බීපු එදුල් පිගන් හැම තැනම.ඒත් අම්මා නාලා කරලා ඇදට වෙලා කොට්ටේ බදාගෙන ඇදට වෙලා හිටියා.මං පංති ගිහින් ඇවිත් වෙලාව තියෙන විදියට සේරම වැඩ කරා. අම්මා එතනින් නැවතුනේ නෑ. බොරු හේතු හදාගෙන තාත්තා එක්ක රන්ඩු වුනා.අවුරුදු දහ නවයෙන් කසාදයක් බන්දාගෙන පැටව් හැදුවේ නැත්නම් අද මාත් සතුටින් කියලා අපිට සාප කරා.
නංගියි මමයි අම්මේ කියලා කතාකරත් පලයව් යන්න කාලකන්නි පැටව් තොපි කිවුවා . එයාගේ රන්ඩු ඉවසන්න බැරිතැන තාත්තත් රන්ඩු වෙන්න ගත්තා.අන්තිමට දෙවියෙක් වගේ හිටපු අපේ තාත්තා රෑට රෑට බීගෙන හතර ගාතේ ගෙදර ආවා."
YOU ARE READING
Michelle's life ruined by her parents' mistakes ( Shot story )
Short Storyතම මවගේ වැරදි නිසා දෙවියෙක් වගේ සිටි පියා යකෙකු විය. මේ අතරේ මගේ ජිවිතයට ලංවූ රකුසා මගේ ජිවිතය විනශයට ගෙන ගියේ ය.