රෑ 11.59 යි වෙලාව....ජන්කුක් ඇහැරගෙන බෝල ඇස්ගෙඩි දෙකත් ලොකු කරගෙන ම phone screen එක දිහා බලන් හිටියේ හරියට ම රෑ 12 ට එන්න තියෙන call එක ගන්න. සැප්තැම්බර් 1 නැත්නම් ජන්කුක් ගේ birthday එක ලබන්න ඉතුරු වෙලා තිබ්බේ හරියට ම විනාඩියයි.
රෑ 12 ත් පහු උනා. ඒත් බලන් හිටපු call එකනම් ආවේ නෑ... ඒත් msgs නම් හැටකෝටියක් විතර ආවා. Phone එකට notifications එනවා එනවා කෙලවරක් නෑ. ඒත් ජන්කුක් බලාගෙන හිටපු call එකනම් ආවේ නෑ. ☹️ අඩුම තරමේ ඒ කෙනාගෙන් msg එකක්වත් නෑ. ☹️
ජන්කුක්ට දැනුනේ තමන්ගේ හදවත කවුරුහරි මිරිකලා දානවා වගේ.. බෝල ඇස් දෙකට කඳුලු ටිකකුත් ඉනුවා. ඒත් එකකම පොඩි තරහක් එක්ක ම ලොකු දුකක් දැනුනු ජන්කුක් phone එකේ wifi ත් off කරලා දාලා ආපු එක birthday wish එකකටවත් reply නොකර නිදාගත්තා. 😴
National university hospital- Seoul 🏨
Oh shit!!!!!!!!!! 😩😩😩 අන්ද්වේ............
theater එකේ ඉඳන් එලියට එනගමන් වෙලාව බලපු යානීට ඉබේම එහෙම කියවුණා.
මොකද ms.යානී ??? මොකක් හරි ප්‍රශ්නයක් ද??
යානීගේ ගොරක වෙච්ච මූණ දැකලා chief surgeon එහෙම ඇහුවා..නැ නෑ. Sir මොනවත් නෑ.. මං යන්නම් sir . තමන්ගේ senior surgeon ට සමුදීලා යානී පටගාලා ගියේ තමන්ගේ office එකට.
හදිසියේ accident එකක් වෙලා ආපු patient කෙනෙක්ගේ surgery එකකට ඉන්න උනු නිසා යානීට රෑ 12 ට කලින් කරගන්න හිටපු වැඩේ miss උනා.
යානීගේ call එක එනකම් තමයි ජන්කුක් බලාගෙන හිටියේ. ජන්කුක් අද dorm එකේත් ඉන්නේ නැතුව Seoul වල කෙලවරේ තියෙන තමන්ගෙ ම apartment එකට හවස ම ආවේ තමන්ගේ birthday night එක තමන්ගේ ආදරේ යානීත් එක්ක ගතකරන්න. ඒ උනත් හදිසියේ ම යානීට surgeries ගොඩක් වැටුණු නිසා ජන්කුක් ට රෑ 12 ටවත් යානී ත් එක්ක ඉන්න බැරිවුණා.
තමන්ගේ සතුටටත් වඩා තමන්ගේ fansලා ගැන හිතන ජන්කුක්ගේ busy schedule එකත් එක්ක යානීව තමන්ට කොච්වර මඟහැරෙනවද.... ඒ වගේම තමන්ගේ ජීවිතේ ටත් වඩා තමන්ගේ patients ලාගේ ජීවිතේ ගැන හිතන යානී ගේ job එකත් එක්ක යානීට තමන් ව කොච්චර මඟහැරෙනවද
මේ කිසිම දෙයක් මෙච්චර කාලෙකට මේ දෙන්නට කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. මොකද දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරන් හිටියේ. මේකෙන් අදහස් වෙන්නේ නෑ ජන්කුක් සහ යානී කවදාවත් රණ්ඩු වෙන්නැතු හරිම මල්දෙකක් වගේ ආදරේ කරනවා කියලා.🤣 මොකද පොඩි පොඩි දේවල්වලට කෙහෙවලු පටලාගන්න මේ දෙන්නට තැනක් නොතැනක් නෑ. 😆