💕 2 Chapter

550 105 8
                                    

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

දින කිහිපයක් ගෙවිල ගියා..Y/n ටික දවසක් ගෙදර ඉදල ආයෙම Campus යන්න පටන් ගත්තා...එයා දැන් Taehyung එක්ක ගොඩක් සමීප වුනා..එයා හිතුවා එයාට Accident එක වෙන්න කලිනුත් Taehyung එක්ක මෙහෙම සමීපව ඉන්න ඇති කියලා...එයා ඇත්තටම හොද යාලුවෙක් Y/n එහෙම හිතුවා..

Mrs.Jeon :
"Y/n ඉක්මන් කරන්න පුතේ අයියට Office යන්න වෙලා යනවා..."

Y/n :
"ආ..මෙයා එතන Ceo වෙලත් මොකද වෙලාසනින් යන්න හදන්නේ අහ්හ්...කවුරු බනී කියලද..? "

Jungkook :
"එහෙම තමා හොද බොස් කෙනෙක් උනාම හැමෝටම ආදර්ශමත් විදියට වැඩ කරන්න ඕනි...ඉගෙන ගන්න එව්වා මගෙන් .."

Y/n :
"අහ්...අනේ මෙයාගේ ආදර්ශ..කට පියන් ඉන්න ඔප්පා.."

Mrs.Jeon :
"හා හා ඇති දෙන්නම දැන් කාලා යන්න...ඉක්මටම.."

Y/n :
" ඔම්මා මම අහන්නමයි හිටියේ ඇයි Jennie මාව බලන්න ආවේ නැත්තේ...? අපි හොදම යාලුවෝ නේද ..?"

Y/n Pov:
ඇයි මම එහෙම අහද්දී ඔම්මයි ඔප්පයි මූනෙන් මූන බලා ගත්තේ..හරියට මට දෙන්න උත්තරයක් කල්පනා කරනවා වගේ...

Mrs.Jeon :
"ආ..මේ...එයාට සනීප නෑ කිව්වා...ගෙදරම ඉදලා තියෙන්නේ...දැන් එක හිතන්න එපා..පස්සේ එයාව හම්බෙයි..."

Y/n :
ම්ම්...හරි ඔම්මා..

Y/n Jungkook එක්ක අම්මට සමුදීලා ගෙදරින් පිටත්වුනා...

............................................................................

Y/n :
"ඔප්පා...මට අමතක උන මගෙ ජිවිතේට වැදගත්ම මොනවා හරි තියෙනවද?"
Taehyung ගෙන් ඇහුවම එයා උත්තර දෙන්නෙත් නෑ...ඔම්මත් ඒක අහද්දී මග හරිනවා..අප්පත් එහෙමයි..ඔප්පා ඔයාවත් කියන්නකෝ අනේ...මට හැමදේම තිබිලත් ඇයි ලොකූ අඩුවක් දැනෙන්නේ...?"

Jungkook වාහනය එලවන ගමන් ලොකු දුකක් හිතේ හිර කරගෙන කතා කරන එයාගෙ නංගි දිහා බැලුවා..

Jungkook Pov :
මට සමාවෙන්න Y/n මට ඔයා ආයෙත් කරදර වෙනවා දුක් විදිනවා බලන්න බෑ...

"අහ්..ඔය ගෙදටම වෙලා හිටපු නිසා වෙන්න ඇති University එකට ගියාම හරි යයි.."

Y/n :
"හ්ම් ඔප්පා"

Y/n Pov:
හැමෝම මගෙන් මොනවා හරි හංගනවා ඒක මොකක්ද කියලා දැන ගන්න ඕනි උනත් කවුරුත් ඒක ගැන කියන්නේ නැති නිසා ආය මට ඒක අහන්න ඕනි උනෙත් නෑ..මම ටිකක් ඔලුව තියාගත්තේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව..

............................................................................

Jungkook :
" Y/n බහින්න ...අපි University එකට ආවා.."

Rose :
" Y/n...ඔයා ආව ද.."

Y/n :
"ඔහ් Rose ඔයා කලින්ම ඇවිල්ලා.."

Jungkook , Rose එනවත් එක්කම කටට ඇගිල්ල තියලා ඔලුවෙන් sign කරා Y/n ට මුකුත් කියන්න එපා කියලා.. Rose ත් ඔලුව හොල්ලලා ඒක පිලිගත්තා..
Jungkook හැමදාම වගේ ඉතින් car එකෙන් බැස්ස ගමන් කෙල්ලො පිස්සුවෙන් වගේ බලන් හිටියා..

Y/n :
" අහ් ඔප්පා ඔයා දැන් යන්න නැත්තම් මට මෙතන මගුල් කපුකම් කරල දෙන්න කියල ඉල්ලීම් එන්න පුලුවන් "

Jungkook හිනාවෙන ගමන් තමන්ගෙ නංගි y/n ගෙ ඔලුව අත ගාල "පරිස්සමින් ඉන්න" කියලා ගියා...

............................................................................

Y/n Rose එක්ක Lecture හෝල් එකට ගියා ඒ යනකොට jennie හිටියා..Y/n Jennie ලගට ගියා..

Y/n :
" Jennie ඇයි ඔයා මාව බලන්න ආවෙ නැත්තේ ආ...ඔච්චර ඉක්මනට හොදම යාලුවව අමතක උනාද..?"

Jennie පුදුමයෙන් වගේ Rose දිහා බැලුවා..Rose තරහින් වගේ කිසිම හැගීමක් නැතුව jennie දිහා බලන් හිටියා..එහෙම කියලා Y/n එතනින් ගියා..

Rose :
" සතුටු වෙන්න තමුසෙ කරපු ජරා වැඩ මේ අහිංසක කෙල්ලට මතක නැති එකට..එයාට තිබ්බෙ ඔයා ගැනත් අමතක වෙලා යන්න.."
Rose තරහින් Jennie ට කියලා ගියා...

............................................................................

Y/n Rose එක්ක Cafeteria එකේ ඉන්න කොට එක පාරටම කවුද පස්සහින් ඇවිත් කතා කරා...
" අහ්... කොහොමද "

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

❤කියවන , Vote , Comment කරන අයට Thank You 🙂❤

💜️...Enjoy...💜️

SOUL LOVER  (Jimin × Reader) ( COMPLETED ) Where stories live. Discover now