"ඒයි.....ඔය හතර ඔහොම ඉන්නවා"
යුන්ගිගෙ රලු කටහඩ ඇහුනම හැමෝම නැවතුනා.
ජන්කුක් බෙල්ලත් කැසුවෙ නිකන් ඊළඟට යුන්ගි කියන්න හදන්නෙ මොකාද කියලා තේරුනා වගේ." ජිමින්, ටේ යන්න රූම් එකට.....එතකොට ඔය දෙන්නා යන්න මගේ රූම් එක එහා පැත්තෙ රූම් එකට."
"හොද වැඩේ බොට.....වරෙන් දැන් යන්න..."
හොබී ජන්කුක්ට කිණ්ඩියට වගේ හිනා වෙලා යුන්ගි කියපු රූම් එකට ගියා.
ජන්කුක් රූම් එකට ගිය ගමන්ම ගියේ බැල්කනි එකට.
"මෙහෙ වරෙන් ඔතනින් පනින්න බෑ"
"අනේ මේ පලයන් යන්න......."
ජන්කුක් බැල්කනියෙ දොර වහලා ඇවිත් ඇදෙන් හාන්සි උනා.ඒත් නින්ද යන්නැති පාටයි.
"ඒ බන් මෙහේ හොල්මන් නැතුව ඇති නේද......උබ යන්න එහෙම එපා කොහෙවත්"
හොබීත් නිදි නෑ.....
" ඔහොම ඉදහන්කො පොඩ්ඩක්"
ජන්කුක් කට කොනට හිනාවක් ගන්න හමන් ගියේ රූම් එකේ වහලා තිබ්බ දොර ලගට.
" සද්ද නොකර ඉදහන්කො....."
ජන්කුක් සද්දයක් ඇහෙන්නැති වෙන්න රූම් එකේ දොර ඇරගෙන හිමින් හිමින් අඩි තිය තිය ගියේ එයාලා හිටිය රූම් එකෙන් ටිකක් එහට වෙන්න තිබ්බ ජිමින්ගෙයි ටේගෙයි රූම් එක ලගට.
-----------------------------------------
" ටේ....අනේ ......"
"අනේ චිම් සොම්බියො නෑ නිදා ගන්නකො"
ජිමින් රූම් එකට ගිය වෙලා ඉදන් කලේ ටේට වද දිදී හිටිය එක.
" ටේ ටේ අර බලන්න දොර ලගින් හෙවනැල්ලක් පේනවා.....අනේ සොම්බියෙක්ද දන්නෑ......අන්න ඒ ගමන දොරටත් තට්ටු කරනවා..."
ජිමින් කියව කියව ඉද්දි දොරට යටින් දැක්ක හෙවනැල්ල හින්දා තවත් බය උනා.
"කෝ කොහෙද සොම්බියා මොන සො.....ම්.........බි..........ද........."
ටේත් ඇදේම ඉදගෙන ජිමින් පෙන්නපු දිහා බලද්දි තමයි ජිමින් කියපු එක ඇත්තද කියලා හිතුනෙ.
" ජිමින් ඔයා කියවලා කියවලමද මන්දා දැන් සොම්බියා ඇවිත් ඉන්නෙ......."
YOU ARE READING
Sea Legacy | ✔️
Fantasi⚜Does status matter to love?⚜ ✴Begin-22. April . 2021 ✴END- 28 . June . 2021