"හරි අද මෙහෙ උත්සවයක් තියෙනවා.. KIM ඔයාට එහෙදි අමුත්තෙක් හම්බ වෙයි.. "
"කව්ද ඒ . "
"ඔයාට ඒක ඒ වෙලාවට කියයි කලබල වෙන්න එපා.. "
"හ්ම් හ්ම්.... "
"ඒක පාටි එකක් වගේ.... ඔයාලා පිළිවෙලට ඇදන් ඉන්න ඕන... මොකද දැන් ඔයාලා රාජකීය කුමාරයගෙ යාළුවෝනේ.... " ලිමින් ඒක කිව්වේ කට්ටියටම ඇහැක් ගහලා...
"මොකො පොඩි එකෝ ඇස් ගහන්නේ..... මට සාධාරණ භයක් ඇතිවෙනවා මේ රාජධානිය ගැන... මොකද ඊළඟට මේක භාරගන්න ඉන්නේ මේ පොඩි එකානේ.. මොනවා කරයිද දන්නෑ.. මට දැන් මැවිලා පේනවා අපේ ලිමිනා කඩුවත් උස්සගෙන දුවනවා.... " 😂😂😂
"හිතුවද මට බෑ කියලා... මට මේවා පුරුදුයි හරිද.... වලියා මං තමුසෙට හොඳ වැඩක් කරනවා.... "
"හිකි..... හිකි..... කරයි කියලා තමා භය..... පොඩි එකා... මහ ලොකු රාජ කුමාරයා.... ලිමින් සූ... පුහ්... "
"නවත්තනවා Jorj ඕක... චා කරනවා කියන එකෙත් සීමාවක් තියා ගනින්... මාත් කවදා හරි Jorj ව චා කරනවා දිය වෙලා යන්නම.. දවසක් එයිනේ.. "
ඔය හැම දෙයක්ම බෝම අමාරුවෙන් අහගෙන හිටපු මට බකස් ගලා හිනා ගියා... මට හිනාව නවත්තගන්න බැරි උනා.. මගේ මූණ දිහා බලාගෙන Lisa ත් හිනා වෙනවා..... ඊටපස්සේ ලිමින් ඇරෙන්න අනිත් හැමෝම මහ හයියෙන් හිනාවෙන්න ගත්තා... එක පාරටම ලිමින් මගේ පැත්තට දුවගෙන ආවා.... මං පුළුවන් උපරිමයෙන් කාමරේ වටා දිව්වා...
"Kim ඔහොම ඉන්නවා... තනියෙන් හිනා වෙන්න ද ආස.... "
"මං ඉවරයි..... CJ බේරගන්නවකො.... අනේ... මට තව නම් හිනා වෙන්න බෑ.. "
"අපි දන්නෑ.... "
"ශික් ඕන වෙලාවට එකෙක් නෑ... අනේ ලිමින් මගේ පස්සෙන් එලවන එක නතර කරනවකො.. මට මහන්සි... " 😒😥 එහෙම කියලා මං එකපාරටම බිම වැටුණා...
"ඔන්න අර කිව්වා වගේ Kim භූමි වන්දනාව කරන්න යන්නෑ... "
"නෑ.......... අ..... නේ..... මට මහන්සි හින්දා වචනත් පැටලෙනවා... මං කරන භූමි වන්දනාවක් නෑ.... "
"හරි හරි..... "
එතකොටම එතනට සේවිකාවෝ හය දෙනෙක් ආවා...
YOU ARE READING
Seven Dragons (Non-fiction)✔️
Mystery / Thriller?The best wattpad original BxG 2022 ________ දගකාර පණ්ඩිත කොල්ලො හතරක්.. ලොකු පිළිගැනීමක් තියෙනවා.. නුවණක්කාර ලස්සන කෙල්ලො තුන්දෙනෙක්.. හැබැයි අහිංසකයි.. ආත්මිය වික්රමයක්... මිත්රත්වය, සමගිය, ආත්මීය බැදීම්. මේ සියල්ල කැටි උන ලස්සන කතාවක්.. S...