22 Chapter

624 116 25
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

Previous chapter

එකකෝ ඕනෙ නෑ ..
මන් යනවා... බනිනවා නම් මොකෝ...😒😒😒

මම කාමරේට හිමින් සීරුව ඇතුල් වුනා..

💜️" ජන්කුක් ...."

ජන්කුක් එක පාරටම ඔක්කොම ඇදට දාලා නැගිට්ටා ...
.
.
🐰" තමුසේ ???????? යනවා මෙතනින්....🤯🤯🤯🤯🤯🤯

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

මම ගැස්සුණා නෙමේ විසීවෙලා ගියා වගේ දැනුණා.. ජන්කුක් කවදාවත් මෙහෙම හයියෙන් කෑගහලා නෑ.. එයා දුකෙන් ද කේන්තියෙන්ද කෑ ගැහුවේ කියන එක තේරෙන්නෙත් නෑ..නමුත් එයාගේ ඇස් අඩලා අඩලා රතු වෙලා තිබුණේ. කම්ම්ලු දිගේ කදුලූ වේලීලා ගිය පාරවල් උඩින් ආයේ අලුත් කදුලු... තොල් රතුම රතුපාට වෙලා...

💜️" ජන්කුක් ...."

🐰" කියනවා.. තමුන් ආවේ කොහොමද ?? කොයි වෙලාවෙද?? මොකටද ආවේ???"

මම හුස්මත් නතර කරගත්තා. මම මේවට උත්තර දෙන්නෙ කොහොමද ?? වෙලාවට වටේ පිටේ වැඩිය ගෙවල් නෑ.. නැත්තම් ඒ මිනිස්සුත් බලයි මේ මොකද කියලා..

💜️" ජන්කුක් .....මම..."

🐰" නෑ...මට අහපුවට උත්තර දෙනවා..."

මම හොද හුස්මක් අරන් ඇද දිහා බැලුවා..තාමත් ඇල්බම් ,ෆොටෝ ඔක්කොම ඒක උඩ..

💜️" මම ආවා .... වාහනේමයි ආවේ... මම... දැක්කා පොතක්...ඒක බලන්න මම...."

🐰" මොන පොතක්?????"

💜️" බිස්නස් එකක්.. මම එතනින් එහා දන්නේ නෑ ...."

🐰" ඒක දකින්නත් තමුන් පහළට ආවානෙ... ඒ මොකටද???"

💜️" මට දාඩියයි වගේ දැනුනා ඒකයි...."

🐰" A/C කාමර වල????

💜️"....අහ්...ඒක..."

🐰" කාව හම්බෙන්නද ආවේ කියනවා???? බොරු කියන්න එපා....මම දන්නවා ඔයාගේ හැටි...."

💜️" ජන්කුක් ...එහෙම දෙයක් නෙමේ..."

🐰",ඉතින්?? ඇයි එහෙනම් නොකියන්නෙ???"

💜️Mine Only💜️Where stories live. Discover now