''ඔම්මා...අනේ මාව මේකෙන් එලියට ගන්නකෝ.....අනේ මං ආයෙ එහෙම කරන්නෙ නෑ....''
ජන්කුක් දොරට තඩිබබා නාහෙන් අඩන්න පටන්ගත්තා.
මේ එයාගෙ පස්වෙනි දවස..දවස් පහක් කාමරේක හිරකරලා..
නිදන කාමරේක..?නෑ නෑ නාන කාමරේක..
ඔව් ඔව් දවස් පහක්ම ඒකෙ තමයි..කන්න බොන්න වුනෙත් ඒකේ ඉදන් තමයි.එතකොට නිදාගන්න වුනේ ...
ඒකෙම බාත් ටබ් එකේ...
ඒත් ඇයි..ඒ තරමට ම දඩුවමක්...
...(* ̄0 ̄)ノ...(* ̄0 ̄)ノ...(* ̄0 ̄)ノ...(* ̄0 ̄)ノ...(* ̄0 ̄)ノ
දවස් පහකට පස්සෙ ටේ එයාගෙ ඩයරිය අතට ගත්තෙ දවස් පහක් ඇතුලේ වෙච්ච දේවල් අකුරක් නෑර සේරම ලියන්න හිතාගෙන.තනියෙම මුමුණ මුමුණ පැයකට ලංවෙන්න කාලයක් තමන්ගෙ දින පොත ලියලා ආයෙ ඒක අතට අරන් කියවන්න පටන් ගත්තා.
කියවන්න පටන් ගන්න මනස හදාගත්ත වෙලාවෙ ඉදලම ටේ ට ඇහෙන්නෙ නාන කාමරේ පැත්තෙ ඉදලා එන අතිශය මිහිරි වූ සංගීත නාදය.දවස් පහක ඉදලා ටේ ගෙ වගේම ගෙදර මිනිස්සුන්ගෙ කන් පිරිලා තිබ්බෙ ඒ මනෝහර ගීත නාදයෙන්..දොරට තඩිබබා සිංදු කියනවා......
බැරිම තැන ටේ නැගිටලා ගිහින් නාන කාමරේ දොර ගාව හිටගත්තා.
''මොනාද අයියෙ වහගන්නවකො කට..පාඩුවෙ වැඩක් කරගන්නවත් නෑනෙ...''😕😕
''මොනාද මල්ලි අම්මට කියනවකො දොර අරින්න කියලා....අනේ මගෙ හොද එකානෙ..කියනවකෝ....''😥
''මට බෑ දන්නවනෙ එයා ගැන...කටවහන් ඉන්න ටිකක් මං පස්සෙ අහලා බලන්නම්..''
කියලා ටේ ආයෙ තමන්ගෙ කාමරේට ගිහින් දින පොත කියවන්න පටන්ගත්තා.
..............................................................................................................
2021.06.24
දවස් පහක දේවල් කෙටිකරලා ලියන්න හිතුවා..
ඔලුව ලොකුයි කියලා හිතන් ඉන්න අපෙ අයියට අද මාර වැඩක් වුනා.ඒක ඉස්සෙල්ලම ලියන්න ඕනෙ...
කොරෝනා නිසා මේ දවස් වල හැමෝම ගෙදර.
වෙනදා වගේම මන් උදේ 11 ට නැගිටලා පල්ලෙහා තට්ටුවට බැස්සා.වෙනදා වගේ ලැබෙන්න තියෙන සුපුරුදු බැනුනුත් අහගෙන මං උදේ කෑම එක අරන් මේසෙට ගියා..අපෙ අප්පා ලංකාදීප පත්තරේ බලනවා..පත්තරේම නෙමෙයි රස්සාවල් ගැන තියෙන කොටස විතරක් බලනවා..පෑනක් අරන රස්සා දෙක තුනක් රවුම් කරනවා...මේ වෙනකොට එහෙනම් අප්පා රස්සා සීයක් විතර හොයාගෙන තිබ්බට අද වෙනකන් මතක හැටියට එක රස්සාවක් වත් කලේ නැති තරම්.අප්පගෙ ගමෙන් ලැබෙන අස්වැන්නෙ ආදායමයි ඔම්මගෙ රසාවෙන් ලැබෙන ආදායමයි ජීවත් වෙන්න ඕනාවටත් වඩා වැඩිවුනාට පිරිමියෙක් විදිහට ඔම්මට දෙවෙනි වෙන්න බැරිනිසා අප්පත් රස්සාවක් හොයනවා.....