🐉 Chapter 16. 🐉

217 66 7
                                    

මං ටිකක් වෙලා කල්පනා කර කර ඉදලා.. ආය නිදා ගත්තා.. ලොකු බලාපොරොත්තු පොදියක් එක්කම... 🤭🤭

Time Passed.... 🤓

Next Day Morning.....

මං නැගිට්ටේ Sana ඇවිත් මාව නැගිට්ටුව නිසා..

"Kim නැගිටින්න... උදේ වෙලා.. "

ඔව් ඇත්තටම උදේ වෙලා තිබ්බේ... ඒ දවස මං පුන පුනා බලං හිටිය දවස උදා වෙලා.... මං ඉක්මනට ඇදෙන් බැහැලා වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා.. මගේ කලබලේ දැකලා Sana කට ඇරගෙන මං දිහා බලාගෙන ඉන්නවා... 😳😳😳

"Kim කලබල වෙන්න එපා... තව වෙලා තියෙනවා.. මොකද මේ.. "

"අනී මං මුකුත් දන්නෑනේ ඉතිං... මං ඉතිං මේවගේ දවස් වලට කලබලයි තමා... "

"හරි පොඩ්ඩක් සන්සුන් වෙලා මං කියන එක පොඩ්ඩක් අහගන්න... ඔයාට මේක වැදගත් වෙයි... "

"හරි මං අහගෙන ඉන්නේ.. "

"අද තමා ඔයා පරිවර්තනය වන පළවෙනි අවස්ථාව. මීට කලින් එහෙම දේකට මූණ දීලා නෑනේ.. ඒක අමාරු වෙන එකක් නෑ. එක එක්කෙනාට වෙනස් ඒක... කොහොමත් ඔයාට ප්‍රශ්නයක් වෙන්නෑ... " එයා ඔහොම හෙන ගොඩක් කියාගෙන කියාගෙන ගියා. මට හුඟක් උපදෙස් දුන්නා...

අද මට විතරක් නෙමෙයි විශේෂ දවසක් වෙන්නේ. ඔව් අද Limin ටත් විශේෂ දවසක්.... ඇත්තටම මං එයාව අද දවසට එක වතාවක්වත් දැක්කේ නෑ...

---------------------------- ගායිස් අනිත් හැම කෙනෙක්ම පරිවර්තනය වෙන්නේ රෑටනේ... ඒ කියන්නේ අදුරේ. ඒත් මේ Dragons ලා පරිවර්තනය වෙන්නේ දවල්ට. ඒ කියන්නේ ආලෝකයට... මන්දා   මං ඒ ගැන හරියට දන්නෑ... කමක් නෑ කොහොම උනත් පරිවර්තනය වෙන්නනේ ඕන.. -----------------------------------

මං ඉතිං මගේ පළවෙනි පරිවර්තනයට යන නිසා පිළිවෙලට ඇදන් යන්න එපෑ..  Lisa , CJ , Sana හැමෝම මට ඇදුමක් තෝරනවා... හිනා කාලා මැරෙනවා ඒ තෝරන විදිහට. අන්තිමට සේරම ඇදුම් ටික එළියට ඇදලා.. 😂😂😂😂😂😂

"ආ.... Kim මේක හොඳයි නේද. ඒක ලස්සනයි. අනික සුදු පාට ඔයාට ගැලපෙනවා.. "

"ඔව් මාත් ඒකට කැමති.. " එයාලා මාව ලෑස්ති කළේ නිකං පාටි එකකට යන්න වගේ...

Seven Dragons (Non-fiction)✔️Where stories live. Discover now