My evil fairy 26
LAST CHAPTER 💖
Suki's pov.
අනේ ඒමියා....ඇයි මේ.....
මං දුවගෙන ගිහින් ඒමිගෙ අතට හයියෙන් ගැහුවා....
එයා අතේ තියන් හිටපු සුදුපාට tablets අහුර සීසීකඩ විසිරිල ගියා...
එයා මොකද්ද මේ කරගන්න ගියේ...ඒමි....ඒමි මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ...මං කඳුලු අතරින්ම එයාගෙ උරහිස්වලින් අල්ලල ඇහුවා...
පිස්සුද වැස්සියෙ...මොකද්ද උඹට වෙලා තියෙන්නෙ....ඒමි මගේ දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බලන් හිටියා...
මොකද්ද වෙලා තියෙන්නෙ අහන්නෙ...තමුසෙ මැරෙන්න නේද ගියේ...
ඔල්මාදෙද යකෝ...බලහං ඉඳල ඉඳල tictac එකක් හම්බෙල ඒක කන්න ගියා විතරයි තමුසෙ පිස්සු උලව්ව වගේ කෑගහන් ඇවිත් අතට ගැහුව ඒ ටික විසික්වෙන්න...ඒමි කියාගෙන ගියා...
මොකක්...tictac...මං එහෙම කියල ඒමි දිහා බලද්දි දැක්කෙ එයාගෙ අතේ තිබුනු tictac පැක් එක...
ඔව්...tictac තමයි...තමුසෙට යකෙක් වැහිලද බං...නැත්නම් දවල් හීනෙකද ඉන්නෙ....ඒමි කිව්වා...
මං බය උනා ඒමි...ඔයා tablets වගයක් ගිලල මැරෙන්න යනව කියල හිතුනෙ....
ඔව් මේ...tablets...මේ..මං මැරෙන්න යන්නෙ...ආ තෝත් මැරියං....උකුලට වැටිල තිබුන tictac candy එකක් මගෙ කටේ ඔබන ගමන් ඒමි හිනාවෙවී කිව්වා...හිනාවෙන්නෙපා යකූ...උඹ මේ දවස්වල හිටිය විදියත් එක්ක මං බයඋනා...කීපාරක්නං කිව්වද මට මැරෙන්න ඕනෙ කියල ආ....මං ලැජ්ජාව වහගන්නත් එක්ක කෑගහල කිව්වා....
මං කිව්ව නම් තමයි....ඒත් පස්සෙ මං කල්පනා කලා සුකී...
මට දැනුනා මං තනිවෙලා නෑ කියලා...මං මොන තත්වෙ හිටියත් මාව දාල නොයන අය ඉන්නව කියල මට තේරුනා...ඉතින් ඇයි මං එයාලගෙ හිතට තවත් බරක් වෙන දෙයක් කරගන්නෙ....ඒමි කිව්වෙ පුරුදු හිනාවත් එක්ක...
ESTÁS LEYENDO
💗🌼𝑴𝒀 𝑬𝑽𝑰𝑳 𝑭𝑨𝑰𝑹𝒀🌼💗
Fanficනපුරු කෙල්ලෙක් හිටියා...👿එයා කැමැත්තෙන් කරපු දේවල් අතරෙ ගොඩක් අකමැති දේකුත් තිබුනා... ඒත් එක දවසක් ඒ නපුරු කෙල්ලට සිද්දවෙනව තමන් අකමැති දෙයක් කරන්න...කෙල්ලගෙ ජීවිතේ එතනින් පස්සෙ ගොඩාක් වෙනස් වෙනවා...🤨 කෙල්ල නපුරියක් නෙමෙයි.. නපුරු සුරංගනාවියක් කි...