📌 Chapter 08

733 143 3
                                    

"ජෙනී...... අද මං ඔය කොල්ලට හොඳ පාඩමක් උගන්නනවා!!!!!"
මං එහෙම නෑ ගැහුවේ ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බ කේන්තියට.

"ලි..... ලීස් ඔයා මොනාද මේ කරන්න යන්නේ........!?!?!?"
ජෙනීගෙ මූනෙ තිබුණෙ බය වෙච්ච පෙනුමක්ද, කනස්සල්ලක් ද කියලා මට හිතා ගන්න බැරි උනා.

"ඔයාට උන් මෙච්චර දෙයක් කලාට පස්සෙත් මට ඉවසන්න කියලද කියන්නේ......."
මට නං හොඳටම කේන්තියි.

"නෑ ලීසා ඔයා මං නිසා කරදර වල පැටලෙන්න ඕනෙ නෑ"
එයා මගේ අතින් ඇද ඇද කිව්වට ඒ ඇස් වල තාමත් කඳුළු පිරිලා.

"හහ් ජෙනී.... ඔයා මට කියන්නේ ඒ කොල්ලා ඔයාව මෙච්චර අඬවලත් මට බලං ඉන්න කියලද"
මට දැං නං ඇත්තටම මේ කෙල්ලගේ වැඩත් එක්ක කේන්තියි.

"එයා මට ආදරේ නැත්තං ඒ ආදරේ මට බලෙන් අයිති කර ගන්න ඕනෙ නෑ ලීස්"
ජෙනී කිව්වෙ බිම බලාගෙන.

"ඒ උනාට ඒ කොල්ලා නිසා ඔයා මෙහෙම දුක් විඳිනවා මට බලාගෙන ඉන්නත් බැහැ"
මං කෑ ගහලා එහෙම කිව්වෙ මගේ කේන්තිය පාලනය කර ගන්න උපරිම උත්සාහ කරන ගමන්.

"ඒ ඇයි ලීස්.......... මොකද ඒ.........!?!?!? ඇයි ඔයාට මං දුකින් ඉන්නවා බලාගෙන ඉන්න බැරි.........!?!?!? කියන්න මට"
ජෙනීත් අනිත් පැත්තට කෑ ගැහුවා.

"මොකද ඔයා මගේ හොඳම යාළුවා නිසා........."
මං ඒ කිව්වෙ බොරුවක් මත් නෙමෙයි.












( A/N : 👉👈🙂 )

𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩 𝐕𝐬 𝐋𝐨𝐯𝐞 🥀ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔︎Where stories live. Discover now