~ Seoul, South Korea ~
පාර්ටි එක ඉවර වෙලත් නම්ජූන් ,හොබී , සුගා, ජිමින් එළියෙ වාඩි වෙලා හිටියේ කාලෙකින් නිදහසේ ඉන්න ලැබුණු නිසා. ආව වෙලාවෙ ඉඳන් ජිමින් හිටියේ වෙනම ලෝකෙක.
" හ්යොන් " ජිමින් බිම බලාගෙනම කතා කරද්දි කොල්ලො තුන්දෙනාම ජිමින් දිහා බැලුවේ තුන්දෙනාගෙන් කාටද ජිමින් කතා කරේ කියලා දන්නෙ නැති නිසා .
" ජිමින් මොකක්ද ප්‍රශ්නේ ?"
" මට අයිශු එක්ක කතා කරන්න ඕන "
ජූන් , සුගා දෙන්නම මූණට මූණ බලාගත්තේ ඊළඟට මොනවා වෙයිද කියලා හිතාගන්න බැරුව.
මෙච්චර වෙලා හිනාවෙවී ඉඳපු හොබීගේ මූණ එක මොහොතින් වෙනස් උනේ ජිමින් කියපු දේට." මොකක්ද උඹ කිව්වේ? බල්ලා 😠 උඹට
මම "( ළමායී ජිමින් ගුටි කන්නයි යනනේ 🙂)
හොබී ජිමින්ගේ කොලර් එකෙන් ඇදලා අරන් තල්ලු කරලා දාපු පාර ජිමින් පුටුවත් පෙරලගෙන බිමට වැටුණා. ආයේ තරහින් පුපුර පුපුර ජිමින් ළඟට යන්න හදද්දිම සුගා ඇවිත් හොබීව අල්ලගත්තේ ජූන් ගිහින් ජිමින්ව නැගිට්ටලා පිටිපස්සට කරගනිද්දි .
" නවත්තපන් බන්. ඇති දැන්. හොබී උඹ පලයන් ගෙට .ජිමින් ඔයත් යන්න. "
සුගාගේ අත ගසලා දාලා හොබී ගෙට ගියා.
වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව බය වෙලා බලන් ඉන්න රූව ජූන් දැක්කෙ එතකොට .
රූ කියන්නේ ජූන්ගේ වයිෆ් .සුගාගේ නංගි. ජූන්ගෙ ගෙදර තමයි කට්ටියම හිටියේ .සුගා ,හොබී, ජිමින් කියන්නේ ජූන්ගේ පොඩි කාලෙ ඉඳන්ම යාලුවෝ .
( දැන් ඔයාලා බලයි ජිමිනුයි හොබී මොකද ජූන්ගේ ගෙදර ඉන්නෙ කියලා .සුගානම් මස්සිනානේ ඒ නිසා සාමාන්‍යයි. එතකොට මේ ඩබල 🤔)
ඒ හතරදෙනා යාලුවෝ උනාට සහෝදරයෝ වගේ තමයි හිටියේ. පොඩි කාලෙ ඉඳන්ම හතර දෙනා එකටමයි . ජිමින් තමයි එතනින් බාල. හැමෝටම වෙන වෙනම ගෙවල් තිබුණත් ඒවට ගියේ කලාතුරකින් .රූත් හරිම කැමැත්තෙන් හිටියේ හැමෝම එයාලා එක්ක ඉන්නවට .හදිස්සියකට ජිමින් හරි හොබී හරි ගෙදර ගියොත් ආයේ සතියක් විතර යනකම් රූ තරහ වෙනවා. ඊටපස්සෙ ඉතින් ලෝකේ නැති කෝලම් කරලා තමයි යාලු කරගන්නේ. ජූන් ප්‍රොෆෙසර් කෙනෙක් .රූ ලෙක්චර් කෙනෙක් .දෙන්නම වැඩ කරේ එකම කැම්පස් එකේ .ජූන් රූව මැරි කරලා අවුරුදු දෙකක් .ඒ දෙන්නට චූටි කොලු පැටියෙක් ඉන්නවා .තව චූටියෙක් එන්නත් ඉන්නවා .
මේ කාලෙටම යාලුවෝ හතරදෙනා පොඩි පොඩි රණ්ඩු කරගත්තත්, මෙහෙම හැසිරෙනවා රූ දැක්කමයි .
" පැටියෝ "
ජූන් ලස්සන හිනාවක් දාන් ජිමින්ටත් කාමරේට යන්න කියන ගමන් රූ ළඟට ආවා. ජූන්ට තේරුණා රූ හැමදේම බලන් ඉඳලා තියෙන්නේ කියලා .
ජූන් රූගේ නළලට චූටි කිස් එකක් දීලා රූව පුටුවකින් වාඩි කරන් දණ ගහගත්තා." බය උනාද? වැඩිය හිතන්න එපා ඒක. අයිගූ අපේ චූටි පැටියත් බය උනාද? "
ජුන් රූගේ බඩට අත තියන ගමන් ආදරෙන් ඇහුවා.
" මොකක්ද ඒ උනේ? ඇයි ඒ ඔප්පා ජිමින්ට ගැහුවෙ? "
" ආහ්හ් මේ ඌට බීලා වැඩි වෙලා .ඔයා ඉතින් දන්නවනේ ජිමිනාගෙ හැටි. කටවහන් ඉන්න බැහැනේ "
" ඒත්"
" අපි යමු ඇතුලට .යමු යමු . සීතලයී "
ජූන් රූව එක්කන් ගියේ කෙල්ල තවත් ප්‍රශ්න අහන්න ගත්තොත් බේරෙන්න වෙන්නෙ නැහැ කියලා දන්න නිසා.
..............................................
ජිමින් ඇඳේ හාන්සි වෙලා කල්පනා කරේ හොබී ඒ තරම් තරහ ගත්තෙ ඇයි කියලා .හොබී කවදාවත් ජිමින්ට අතක් උස්සලා නැහැ .
" ජිමින් , මම එන්නද? " ඒ හොබී
" එන්න ,හ්යොන් "
" මියන්හේ , මට ඒ වෙලාවේ ඒම නොකර ඉන්නයි තිබුණේ .මම ආවේ මේක දෙන්න. මම යනවා "
" හ්යො..."
ජිමින්ට වචනයක්වත් කියන්න උනේ නැහැ .හොබී ජිමින්ට පොතක් දීලා ඉක්මනට ගියා.
ජිමින් මේ මුකුත් හිතාගන්න බැරුව ඇඳෙන් වාඩි උනේ පොත දිහා බලාගෙන. සුදු පාට පසුබිමේ ගෝල්ඩ් පාටින් A අකුරක් ලොකුවට පොතේ කවරේ තිබුණා .
" ඇයි හ්යොන් මට මේක දුන්නේ ? මොකක්ද මේ ? බලමුකෝ මොනවද තියෙන්නේ කියලා ."
ජිමින් පොතේ කවරෙ දිහා බලන් ඉඳලා පොත කියවන්න ගත්තා.
හායී ළමයි 😌 .ඔන්න ඕමලු ඉතින් වෙන්නෙ . පොතේ මොනවද දන්නෙ නැහැ තියෙන්නේ . එතකොට අර කෙල්ල කවුද 🤔? ඔයැයිලට ඉතින් ඒවා දැන්ම දැනගන්න වෙන්නෙ නැහැ 😌. එහෙනම් පරිස්සමින් ඉන්ඩලා .බා බායී .ලාව් යූ 😘
YOU ARE READING
With you Without you ( Completed )
Fanfictionආදරේ කියන්නේ ලොකු ප්‍රෙහේලිකාවක් . ඒ ප්‍රෙහේලිකාව විසඳගන්න හැමෝටම බැහැ . ඒ නිසයි ලෝකේ හුඟාක් මිනිස්සු ආදරේ කොයිතරම් ලස්සන උනත් ඒකේ නියම රසය දන්නෙ නැත්තෙ. ආදරේ පාට , සුවඳ මෙන්න මේකයි කියලා රාමු කරන්න බැහැ . ඒක අසීමාන්තිකයි; ආත්මීයයි. ඒ අපූරු හැඟීම ආත...