Chapter 02

939 116 14
                                    

ආදරණීය දිනපොත,

                   ජීවිතේ පලවෙනි වතාවට මට දෙයක් ගැන ලෝබයි ,බයයි .මට මේවා අමතක වෙයිද? ........

ජිමින් බිත්තියට හේත්තු උනේ, හිතේ තියෙන හැම ප්‍රශ්නෙටම පොතේ උත්තර ඇති කියලා බලාපොරොත්තුවෙන් .
...............................................

Two years ago

Seoul South Korea ~

" ඔන්නී ,ඔන්නියෝ ... මම යනවා පරිස්සමට ගිහින් එන්න ඔයාලා. "

" යා .. අයිශූ ,අදවත් අපි එක්ක එන්න බැරිද? "

ඩියා කෑගහන් සාලෙට ආවේ අයිශු කියපු දේට මූණ දෙක කරන්.

" වැඩක් නැහැ ඔන්නි, එයාට ඊට වඩා ලොකු රාජකාරියක් තියෙනවනේ ඉරිදට"

ඇනා ෆෝන් එක දිහාම බලන් කිව්වේ හැමදාම ඉරිදට ගෙදර වෙන සුපුරුදු ජවනිකාව ගනන් නොගෙන.

" අම්නේ ඉතිම්, මගේ හොඳ අක්කලා දෙන්නනේ .අනික මේ තනිකඩ මම ඔය ලස්සන කපල් දෙක මැද්දේ මොනවා කරන්නද?"

" පන්ඩිත වැඩී කෝමත් දැන් මෙයා ." 
ඩියා රවාගෙන කියද්දි අයිශු ඇවිත් ඩියාව බදාගත්තා .

ඩියා ,ඇනා ,අයිශු කියන්නේ  සහෝදරියෝ. ඔම්මයි අප්පයි නැති වුණේ ටික කාලෙකට කලින්. ඩියා කැමති උනේ නැහැ මැරි කරාට පස්සෙ වෙන ගෙදරකට යන්න. තමන්ගේ නංගිලා දෙන්නා පේන මානේ තියාගන්න තමයි ඩියාට හැමවෙලාවෙම ඕන උනේ. ඩියා නිව්ස්පේපර් එඩිටර් කෙනෙක් .ඇනා CEO කෙනෙක් .දෙන්නම ඒ වෙද්දි  මැරි කරලා හිටියේ. හැම ඉරිදම එයාලා පික්නික් එකක් යන්න පුරුදු වෙලා හිටියා. පලවෙනි දවස් දෙක තුනක් විතර අයිශූ එයාලා එක්ක ගියත්, කෙල්ල ආයේ ගියේ නැහැ .

( Ay:මම මොකටද යන්නේ ලව් බර්ඩ්ස්ලා ජෝඩු දෙක දිහා බලන් ඉන්න 😒

Author :ඉන්නකෝ කෙල්ලෙ මම හොයලා දෙන්නම් ලස්සන කොල්ලෙක් 😌 ඩෝන්ට් බී කලබල

Ay:🌚 ඕඕ ආදරෙයි ඈ )

" මොකද අදත් එන්න බෑ කියනවද ?"

" බලන්නකෝ ජේකේ මෙයා දැන් ඕනවට වැඩි ."

ඩියාගේ හස්බන්ඩ් තමයි ජේකේ. එයා සින්ගර් කෙනෙක් . ඒ වගේම තමයි කොල්ලා හෙන හැන්ඩියා.

With you Without you ( Completed )Where stories live. Discover now