අයිශු වෙනදා වගේම ළමා නිවාසේ ළමයි එක්ක පිට්ටනියට ආවා.ළමයි සෙල්ලම් කරනකම් අයිශු ගහ යට වාඩි වෙලා සැරින් සැරේ වටපිට බැලුවා.
" මට පිස්සුද ඇත්තටම , මොකක්ද මේ වැඩේ තේරුම. අයිශූ... හිතන්න එපා ඕනවට වඩා .හොඳ හුස්මක් අරන් හිත සන්සුන් කරගන්න "
අයිශු තමන්ටම කියාගන්න ගමන් ,ලොකු හුස්මක් අරන් පිට කරා. එතකොටම බෙල්ල ළඟින් හුස්මක් වදිනවා දැනුණු නිසා කෙල්ලට බයටම ඇස් දෙක පියවුණා.
" මාව නේද හෙව්වෙ"
" ජිමින් ?"
අයිශු ඇස් දෙක ඇරියේ ඒ කටහඬ එක පාරින්ම අඳුරගත්ත නිසා.
" මාව නේද හෙව්වෙ?"
ජිමින් කෙල්ලගේ කනට කරලා ආයේ ඇහුවා.
" මම..."
" හරි හරි දැන් ඉතින් ඔය කියන්න හදන්නේ නැහැ කියලනේ. කමක් නැහැ ඉතින් ."
ජිමින් එහෙම කියන ගමන් බංකුවෙන් වාඩි උනේ අයිශුගේ අතට බෑග් එකක් දෙන ගමන්.
" මේ මොනවද?"
" බලන්න ඉතින් "
" චොක්ලට් ?"
" ඔයාට නෙමී. අන්න අර සෙල්ලම් කරන අයට"
" කුමාවොයෝ .ඔයා ඇයි මෙහේ ආවේ?"
" ඇයි මට එන්න බැරිද ?"
" ඒම කිව්වේ කවුද ,මම ඉතින් නිකමට ඇහුවේ. "
" මම එනවා මෙතනට සාමාන්‍යයෙන් .ඔයා එනවා කියලා දන්නෙ එදා"
" ඉතින් අද ආවෙත් සාමාන්‍යයෙන් එන නිසාද?"
" නැහැ .ඔයාව බලන්න "
ජිමින් ඒම කියලා බැලුවේ අයිශු දිහා. අයිශු ඇස් දෙකත් ලොකු කරන් ජිමින් දිහා බලන් හිටියේ ජිමින්ගේ මූණට ලස්සන හිනාවක් එද්දි .
Jimin pov
"මොකක්ද මේ වෙන්නේ .ඇයි මම ඒම කිව්වේ .මේ ඇස් , මට මොකක්ද මේ වෙලා තියෙන්නේ .කෙල්ලෙක් ඉස්සරහ මම මොකද මේම හැසිරෙන්නේ .මගේ හාර්ට් එක ,දෙයියනේ මොකද මේ අසනීපයක්වත්ද මට .දැන් මම මොකක්ද කරන්න ඕන .කියන්න දෙයක් මතක් වෙන්නෙත් නැහැ ."
ජිමින් අයිශු දිහා බලාගෙනම හිත එක්ක ලොකු යුද්ධෙක.
..........ජිමින් ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් බලන්න ආවේ. මේ අවුරුදු ගානටම උනේ ක්ලබ් එකක , පාර්ටියක ඉඳපු කෙල්ලෙක් ජිමින් ළඟට ආව එක. ජිමින් තමන්ට දැනෙන්න ගනිපු අමුතු හැඟීම ඇතුලේ අතරමං වෙන්න ගත්තා.
YOU ARE READING
With you Without you ( Completed )
Fanfictionආදරේ කියන්නේ ලොකු ප්‍රෙහේලිකාවක් . ඒ ප්‍රෙහේලිකාව විසඳගන්න හැමෝටම බැහැ . ඒ නිසයි ලෝකේ හුඟාක් මිනිස්සු ආදරේ කොයිතරම් ලස්සන උනත් ඒකේ නියම රසය දන්නෙ නැත්තෙ. ආදරේ පාට , සුවඳ මෙන්න මේකයි කියලා රාමු කරන්න බැහැ . ඒක අසීමාන්තිකයි; ආත්මීයයි. ඒ අපූරු හැඟීම ආත...