Chapter 05

495 93 16
                                    

හොබී පහලට එද්දි රූ කෑම හදනවා.

" රූ , කෝ ජූන් "

" එයාට ඔප්පා කෝල් කරලා එන්න කියලා ගියා. "

" ඒ මොකද දන්නෙ නැහැ .ඔෆිස් එකේ අවුලක්වත්ද "

" නැතුව ඇති ඔප්පා .ජිමිනාත් ඉන්නවනේ "

" ඌ ඉන්න එක තමයි ලොකුම බය "

" 😂 ඒකනම් ඇත්ත. පුදුම කේන්තිකාරයෙක්නේ. බැඳපු කාලෙක කෙල්ල පව් "

හොබීගේ මූණ එකපාරටම වෙනස් වෙලා මූණේ තිබුනු හිනාව අතුරුදහන් උනා.

" වේ ඔප්පා ? ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ?"

" අනී රූ, මට මොන ප්‍රශ්නද .කෝ කෝ ඔයා පැත්තකට වෙන්න මම කරන්න ඔය ටික .මහන්සි වෙන්න එපා ඔයා "

" මට මහන්සි නැහැ ඔප්පා .තව පොඩ්ඩයිනේ තියෙන්නේ මම කරන්නම් "

" නැහැ නැහැ ගිහින් වාඩි වෙන්න ඔයා මම කරන්නම් මේක "

හොබීගේ කෑගහන නිසාම රූ කුස්සියේ තිබුනු පුටුවෙන් වාඩි වෙලා කතා කර කර හිටියා.

" කෝ  රූ කොල්ලා ,මට දවස් ගානකින් හරියට හුරුතල් කරන්නවත් උනේ නැහැ "

" එයා ඔම්මා එක්කන් ගියා ඔප්පා. මම එපා කියද්දිම උඩ පැනගෙන ගියේ .එහේ ගියාම ඉතින් එයාගේ රාජ්‍යනේ "

" 😂 හෙට එක්කන් එනවද "

" හෙට එන එකක් නැහැ .අනිද්දාට ගිහින් එක්කන් එන්න ඕන .මට පාලුයි එයා නැතුව ඉන්න බැහැ ."

" ගෙදර කවුරුත් නැහැනෙ රූ දැන්. අපි ඉස්සර වගේ හිටිය කාලයක් මතක නැහැ මටනම් "

දෙන්නා එක්ක ඉස්සර උන දේවල් මතක් කරේ හරිම සතුටින් .හොබීගේ හිතේ තිබුණු දුකත් ටිකෙන් ටික අඩු උනේ රූ කියන ඒවට. හැමදාම ප්‍රශ්නයක් උනාම හොබී යන්නේ රූව හොයන් . තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ගේ එකක් වගේ කියලා හොබී හැමදාම රූගෙන් ඒවට උපදෙස් ගන්නවා. රූ ඉතින් දන්නවා මේ කියන්නේ එයාගෙ ගැනම තමයි කියලා . ඒ නිසා රූ හැමවෙලාවෙම ප්‍රශ්න විසඳගන්න හොබීට උදව් කරා.

.................................................................

One week later

අයිශු ඇඳේ එහාට මෙහාට පෙරලි පෙරලි කල්පනා කරේ ජිමින් ගැන. අයිශු ජිමින්ව තමන්ටත් වඩා විශ්වාස කරන්න අරන් තිබුණේ .කිසිම වෙලාවක ජිමින්ට වද දෙන්න ගියේ නැහැ , එයා වැඩ එක්ක බිසී කියලා දන්න නිසා .

With you Without you ( Completed )Where stories live. Discover now