Meanwhile hobi & ayishu
" කවුද ඒ කොල්ලා"
" මිස්ටර් ලී"
අයිශු ශටර් එකෙන් එලිය බලාගෙනම උත්තර දුන්නේ කාර් එකට නැගපු වෙලාවෙ ඉඳන් හොබී වචනයක්වත් කතා කරේ නැති නිසා.
" ඉතින් , ඔයා මොනවද එයා එක්ක තනියම කරන්නේ ?"
" ළමා නිවාසේ අලුතින් හදන්න එයා තමයි වියදම් කරන්නෙ "
" මෝව්? "
හොබී පුදුම වෙලා අයිශුගෙ දිහා බැලුවේ, ඒ කියපු දේට .
" හ්ම්ම්ම්, එයා තමයි කරන්නේ ඒක "
" ජිමිනුත් ඒක කරන්න ඇහුවනේ කලින් , ඔයාලා ඒම ඕන නැහැ කිව්වෙ "
" මම දන්නේ නැහැ හොබී. මොනවද මේ වෙන්නෙ කියලා .මේ දවස් ටිකේ මට ජිමින් එක්ක හරියට කතා කරන්නවත් බැරි උනා. "
" ඌටත් ඉතින් වැඩනේ "
" මම හිතුවේ නැහැ ළමා නිවාසේ වැඩ මට මේ තරම් කරදරයක් වෙයි කියලා ."
අයිශු කලකිරුනු කටහඬකින් කිව්වේ ,හැමදේම විකාරයක් වෙලා තමන්ට කරදරයක් වීගෙන එන නිසා.
" හොඳ වෙලාවට අද මම ආවේ. ජිමින් එහෙම අර යකා එක්ක ඉන්නවා දැක්කනම් විනාසයක් වෙන්නෙ. දන්නවනේ ඉතින් හොයන්නෙ බලන්නෙ ,ඉවසන්නෙ නැහැනෙ ."
" හ්ම්ම් මම දන්නවා , මම බයෙන් ඉන්නෙත් ඒකටමයි "
අයිශු ආයෙත් ශටර් එකෙන් එලිය බලාගත්තේ, හොබී කියපු දේ හිතන ගමන්.
Ayishu pov
"ඇත්තටම හොබී නැතුව ජිමින් ආවනම් අද, මොනවා වෙයිද ? වූන් ඒ හැසිරුන විදිය , ජිමින් කියන්නේ කිසිම දෙයක් ලේසියෙන් තේරුම් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනේ තරහ ගියාම. විශේෂයෙන් මම සම්බන්ධ දේවල් වලදි ,එයා මාව එක මොහොතකට අවිශ්වාස කරන කෙනෙක් නෙමී. ඒත් වූන් එක්ක නිතරම එහේ මෙහේ ඇවිදින ඒවා ජිමින් දැනගත්තොත් මොනවා වෙයිද? වැඩ උනත් හැමදේටම මම යන්නෙ මොකටද අහයි, මම උනත් කැමති වෙයිද ජිමින් කෙල්ලෙක් එක්ක මෙහෙම වැඩ කියලා ඇවිදිනවට .අන්තිමට මම වූන්ගේ සෙකට්‍රි වගේ වෙලා. ජිමින් මට තේරෙන්නේ නැහැ මම මොකක්ද කරන්නෙ. මට ඔයාට මේ දේවල් කියන්න හිතෙනවා .ඒත් ඔයා නිකන් ප්‍රශ්න දාගන්නවට මම කැමති නැහැ .මොනවද දැන් මේකට කරන්නෙ මම දෙයියනේ "
YOU ARE READING
With you Without you ( Completed )
Fanfictionආදරේ කියන්නේ ලොකු ප්‍රෙහේලිකාවක් . ඒ ප්‍රෙහේලිකාව විසඳගන්න හැමෝටම බැහැ . ඒ නිසයි ලෝකේ හුඟාක් මිනිස්සු ආදරේ කොයිතරම් ලස්සන උනත් ඒකේ නියම රසය දන්නෙ නැත්තෙ. ආදරේ පාට , සුවඳ මෙන්න මේකයි කියලා රාමු කරන්න බැහැ . ඒක අසීමාන්තිකයි; ආත්මීයයි. ඒ අපූරු හැඟීම ආත...