" මම හිතුවේ උඹට මාව දැන් අමතකම වෙලා ගිහින් කියලා "
" මම ඉතින් උඹ වගේ නෙමීනේ .උඹනෙ තේරුම් ගන්න බැරි එදා ඉඳන්ම"
" ඒත් ඉතින් උඹ දන්නෙ නැහැනෙ මම කොරියාවට ආවා කියලා "
" දන්නවා "
හිනාවෙවී හිටපු ජිමින්ගේ මූණ ඒ ප්‍රශ්නෙන් වෙනස් උන හැටි දෙන්නම දැක්කා. මින්හෝ පුදුම වෙලා බලන් හිටියේ කාලෙක ඉඳන්ම දෙන්නා අඳුරන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව.
M: " හෝව් හෝව් පොඩ්ඩක් ඉඳපන් ,
දෙන්නා කෝමද මේ තරම් හොඳට
අඳුරන්නෙ"J:" මම ඇමරිකා ගිහින් ඉද්දි අපේ කැම්පස්
එකට ආවා වූන් "M:"ආයිශ්... මට කෝමද ඒක අමතක උනේ
උඹලා දෙන්නම ඇමරිකා හිටියා කියලා "W:" උඹ කෝමද දන්නේ මම කොරියාවට
ආවා කියලා "වූන් ආයේම ජිමින්ගෙන් ඒ ප්‍රශ්නෙම ඇහුවෙ කලින් ජිමින්ගේ මූණ වෙනස්වෙන විදිය හොඳටම දැකපු නිසා.
" මම ඉතින් දන්නවා "
ජිමින් වූන් කොරියාවට ඇවිත් කියන එක දැනගත්තෙ අයිශු නිසා. ඒත් වූන් බිස්නස් වැඩවලට සම්බන්ධ වෙලා කියලා ජිමින් දැනගෙන හිටියෙ නැහැ .
M:" මූට හොරා ඉතින් මොනවද කරන්න
පුළුවන් මෙහේ "W:" ජිමින් එහෙනම් ටෙන්ඩර් එක උඹ
කරපන් .මම කියන්නම් මට කරන්න
වෙන්නෙ නැහැ ,ඒ නිසා උඹේ කම්පැනි
එකට පාස් කරා කියලා "( බිස්නස් සම්බන්ධ දේවල්නම් මම දන්නේ නැහැ ලමයි .මෙහෙම දේවල් මම ෆිල්ම් වල එහෙම දැකලා තියෙනවා. ඒ නිසා ඒක ලොකුවට හිතන්න එපා )
J: " උඹට ශුවර්ද බන් මේක ලොකු ප්‍රොජෙක්ට්
එකක් "W:" ඒ නිසා තමයි මම උඹට දෙන්නෙ "
J:" කුමාවෝ බන් "
W:" ඕක මොකක්ද බන් .මම දන්නවා උඹ
නියමෙට වැඩේ කරනවා කියලා .මම
මෙහේ ඉන්නෙ නැහැනෙ කෝමත් "තුන්දෙනා එක්ක ටික වෙලාවක් කතා කර ඉඳලා ජිමින් නැගිට්ටෙ යන්න.
YOU ARE READING
With you Without you ( Completed )
Fanfictionආදරේ කියන්නේ ලොකු ප්‍රෙහේලිකාවක් . ඒ ප්‍රෙහේලිකාව විසඳගන්න හැමෝටම බැහැ . ඒ නිසයි ලෝකේ හුඟාක් මිනිස්සු ආදරේ කොයිතරම් ලස්සන උනත් ඒකේ නියම රසය දන්නෙ නැත්තෙ. ආදරේ පාට , සුවඳ මෙන්න මේකයි කියලා රාමු කරන්න බැහැ . ඒක අසීමාන්තිකයි; ආත්මීයයි. ඒ අපූරු හැඟීම ආත...