ජිමින් හොබීගේ සාක්කුවට අත දාලා ෆෝන් එක ගත්තා. හොබී මුකුත් නොකියම අහක බලන් හිටියේ රූ එතන ඉන්න නිසා. ජිමින් හොබීගේ ෆෝන් එකත් අරන් කාමරේට ගියේ ,රූ ඉන්න කියද්දිම මහන්සි කියලා .
ඒ වෙද්දි හොබිත් අයිශුට කෝල් අරන් තිබුණා .ඒත් එකක්වත් ආන්සර් කරලා තිබුණේ නැහැ .මැසේජ් කිසිම එකකට අයිශුගෙන් රිප්ලයි ඇවිත් තිබුණේ නැහැ .ජිමින් ආයේම අයිශුට කෝල් කලේ දැන්වත් ෆෝන් එක ආන්සර් කරයි කියලා හිතලා. ඒත් ඒ වෙද්දි අයිශු ෆෝන් එක ඕෆ් කරලා. ජිමින් එහෙමම බිමින් වාඩි උනේ ,මේ හැමදේටම වැරැදිකාරයා තමන් කියලා හිතින් තමන්ටම බැන ගන්න ගමන්.
...............................
ටික දුරක් ගිහින් අයිශු ටැක්සි එකෙන් බැහැලා පයින් ඔහේ ඇවිදන් යන්න ගත්තෙ හරි කල්පනාවකින් නෙමෙයි . ඩොක්ටර් කියපු දේවල් ,ෆෝන් එකට ආව ජිමින්ගේ ෆොටෝස් ,වීඩියෝස් ,ජිමින් ක්ලබ් එකෙන් එලියට ආව එක, හොබී එතන ඉඳපු එක එකින් එක අයිශුට මැවිලා පේන්න ගත්තා. ඩොක්ටර් කියපු දේවල් ,ජිමින් ඉඳපු වීඩියෝ වල සද්ද අයිශුට දෝංකාර දෙන්න ගත්තේ ,ඒ දේවල් දරාගන්න බැරි වෙද්දි. අයිශු අත් දෙකෙන්ම කන් දෙක වහගෙන බිම ඉඳගෙන හයියෙන්ම කෑගහලා අඬන්න ගත්තෙ පපුව පැලෙන්න තරම් දැනෙන වේදනාවට.
" ජිමින් වේ වේ වේ වේ 😭😭😭😭😭😭, ඇයි අදම මෙහෙම කරේ "
අයිශු අඬ අඬම ආයේ නැගිට්ටෙ ජිමින්ව හමුවෙන්න යන්න. පයින්ම ඇවිදන් ගිහින් අයිශු නතර උනේ හං ගඟ ලඟ. ජිමින් එක්ක වාඩි වෙලා කතා කර කර හිටපු හැටි ,රණ්ඩු උනු හැටි ආයේ ආයේම අයිශුට මතක් වෙන්න ගත්තෙ ඇස් වලින් ඉවරයක් නැතුව ගලන කඳුළු අලුත් වෙද්දි.
අයිශු නතර උනේ ජිමින් හැමදාම ඇවිත් වාඩි වෙන බංකුව ළඟින්. බිමින් වාඩි වෙලා අයිශු බංකුවට ඔලුව තියාගෙන බලන් හිටියේ ජිමින් එනකම්........................
අයිශුගෙ ෆෝන් එක ඕෆ් නිසා ,ජිමින් ආයෙ ආවේ අයිශුව හොයාගෙන. යන්න තැනක් හිතාගන්න බැරි වෙද්දි ,ජිමින් හැමතැනම ගිහින් අයිශුව හෙව්වෙ පිස්සුවෙන්. අවසානෙට ජිමින් ආවේ ගඟ ළඟට ,ජිමින් එද්දි අයිශුට බිම ඉඳගෙනම නින්ද ගිහින් තිබුණා .
YOU ARE READING
With you Without you ( Completed )
Fanfictionආදරේ කියන්නේ ලොකු ප්‍රෙහේලිකාවක් . ඒ ප්‍රෙහේලිකාව විසඳගන්න හැමෝටම බැහැ . ඒ නිසයි ලෝකේ හුඟාක් මිනිස්සු ආදරේ කොයිතරම් ලස්සන උනත් ඒකේ නියම රසය දන්නෙ නැත්තෙ. ආදරේ පාට , සුවඳ මෙන්න මේකයි කියලා රාමු කරන්න බැහැ . ඒක අසීමාන්තිකයි; ආත්මීයයි. ඒ අපූරු හැඟීම ආත...