Meanwhile hobi
හොබී පැය ගානක් ජිමින්ව හෙව්වා. ඔෆිස් එකේ, ගෙදර ,ක්ලබ් වල ජිමින් සාමාන්‍යයෙන් යන එන හැමතැනම හෙව්වත් ජිමින් කිසිම තැනක හිටියේ නැහැ .කෝල් ගත්තත් ඒ වෙද්දි ජිමින් ෆෝන් එක ඕෆ් කරලා තිබුණා .
" ජිමිනා කොහෙද යකෝ උඹ ඉන්නෙ ?"
හොබී කාර් එකේ ශීට් එකට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තෙ ජිමින් ඉන්න තැනක් හොයාගන්න තවම බැරි උන නිසා. එතකොටම කෝල් එකක් ආවේ ජූන්ගෙන්.
📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲
" උඹ කොහෙද ඉන්නෙ ,සුගා මට විස්තරේ කිව්වා "
" ජූනා ,බලපන්කෝ මූ නැහැනෙ බන් කොහෙවත් ."
" උඹ ගෙදර වරෙන්කෝ මම කියන්න .අපි තුන්දෙනා එක්කම බුසාන් යමු. "
" බුසාන්?"
" දේ ,අනිවාරෙන්ම ගෙදර ගිහින් ඇති "
" මට කොහොමද ඒක අමතක උනේ ,මම යන්නම් "
" එපා ,මම කියනදේ කරපන්කෝ .උඹ වරෙන් ගෙදර ."
" හරි .මම එන්නම් ,උඹ ගෙදර ද "
" ඔව් .ඔව් වරෙන්කෝ උඹ "
.............................
ජිමින් අයිශු එක්ක රණ්ඩු උනාට පස්සෙ ආවේ බුසාන්. ඒ ගෙදර කවුරුත් හිටියේ නැහැ .උදේට හවසට ගෙදරට ඇවිත් යන එහා ගෙදර වයසක පිරිමි කෙනෙක් හිටියා . ජිමින්ගේ ඔම්මලා ගේ බලාගන්න දීලා තිබුණේ ඒ මනුස්සයට .ජිමින්ගේ කාර් එක ගේට් එක ළඟ නතර කර ගමන් දුවලා ඇවිත් ගේට් එක ඇරලා ගෙදර දොර ඇරියා. ජිමින් කාර් එකෙන් බැහැලා හිනාවී ගෙනම ගිහින් වයසක කෙනාගේ කරට අත දාගත්තා.
" අජුස්සි ,ඉතින් කොහොමද "
" අනේ මගේ දරුවෝ මොකද මේ කලබලේ "
" කලබලයක් නැහැ අජුස්සි මට ටිකක් තනියම ඉන්න ඕන .අජුස්සි ගෙදර යන්න මම අද ඉන්නවා මෙහේ "
" මම කන්න මොනව හරි හදලා යන්නම් "
" එපා එපා අජුස්සි මට කන්න බැහැ .අජුස්සිට පුළුවන්නම් මට බොන්න මොනා හරි ගේන්න .කෝපි නෙමී සෝජු වගේ දෙයක් "
" ආහ්හ් ඉන්න ,දරුවෝ ගෙදර ඇති "
ජිමින් කෙලින්ම ගියේ කාමරේට. අජුස්සි සෝජු බෝතල් වගයක් ගෙනත් දීලා ගිය ගමන් ජිමින්ගේ මූණෙ මේ තරම් වෙලා මවාගෙන හිටිය හිනාව අතුරුදහන් උනා.දොර වහලා ජිමින් කරේ කාමරේ තිබුණු හැමදේම පොලවෙ ගහපු එක. කර්ට්න් එක ඇදලා අරන් බිමට දාපු පාර උඩ තිබුණු බාර් එක ඇවිත් අතේ වැදිලා කපගෙන ගිහින් ලේ බේරෙන්න ගත්තත් ජිමින්ට ගානක්වත් උනේ නැහැ . ජිමින්ගේ කේන්තිය දුක ටිකකට අඩු උනේ කාමරේ තිබුණු හැමදේම පොඩි පොඩි කෑලිවලට කැඩිලා ගියාට පස්සෙ. අජුස්සි ගෙනත් දුන්න සෝජු විතරක් නෙමෙයි ,ගෙදර තිබුණු වයින් ,ශැම්පේන් පවා ජිමින් බොන්න ගත්තෙ දරාගන්න බැරිතරමට දැනෙන දුක නැතිකරගන්න .
YOU ARE READING
With you Without you ( Completed )
Fanfictionආදරේ කියන්නේ ලොකු ප්‍රෙහේලිකාවක් . ඒ ප්‍රෙහේලිකාව විසඳගන්න හැමෝටම බැහැ . ඒ නිසයි ලෝකේ හුඟාක් මිනිස්සු ආදරේ කොයිතරම් ලස්සන උනත් ඒකේ නියම රසය දන්නෙ නැත්තෙ. ආදරේ පාට , සුවඳ මෙන්න මේකයි කියලා රාමු කරන්න බැහැ . ඒක අසීමාන්තිකයි; ආත්මීයයි. ඒ අපූරු හැඟීම ආත...