හොබී අයිශු බදාගෙන පැය ගානක් ඇඬුවා. අයිශු මුකුත්ම නොකියා හිනා වෙවී හොබීගේ පිටට තට්ටු කරේ අහස දිහා බලාගෙන.
අඬලා අඬලා ඉදිමුණු ඇස් අත් දෙකෙන්ම පිහිදාගත්ත හොබී අත් දෙකේ වැලමිට කකුලට බර කරගෙන ඉස්සරහට නැමිලා ඔලුව පහත් කරගත්තා." අර බලන්නකෝ හොබී "
" ම්ම්ම්ම්ම්"
හොබී ඔලුව ඉස්සුවෙ අයිශු කියන්නේ මොකක්ද බලන්න. අයිශු අහසට ඇඟිල්ලක් දික් කරගෙන බලාගෙන ඉන්නවා.
" ම්ම්ම් නෙමෙයි අනේ, අර බලන්නකෝ අර තරු ටික "
" 🙂"
" ලස්සනයි නේද ,මාත් එතනින් ඉඩක් ඉල්ලගන්න ඕන 😌"
හොබී අයිශු කියවන දිහා බලන් හිටියේ ආදරෙන් .
" අයිශු "
" වේ , අර බලන්නකෝ අනේ අර තරුව වාහ්හ් "
හොබී අයිශුගේ අත් දෙකෙන් අල්ලගෙන එයාගේ පැත්තට හරවා ගත්තා.
" අයිශූ ,අපි බෙහෙත් කරමු නේද ? "
" ඒ මොකටද ඒ "
" මේ අහන්න අයිශු මට ඔයාට කියන්න දෙයක් තියෙනවා .මම ඒක ඔයාට කියනවා ඔයා බෙහෙත් අරන් හොඳ උනාට පස්සෙ "
" මට හොඳයි හොබී. මම ගොඩක් හොඳින් .මට බයක් තිබුණේ මම නැති උනාට පස්සෙ එයා කොහොම හැසිරෙයිද කියලා .දැන් මට ඒ ගැන බයක් නැහැ .එයාට මේ ලෝකේ පේන්නම බැරි කෙනා මම "
අයිශු ලොකු හුස්මක් පිට කරලා ආයේ අහස දිහා බලාගත්තා.
" එතකොට මම ?"
අයිශු හොබීගේ දිහා බැලුවෙ පුදුමෙන්.
" එතකොට මට මොකද වෙන්නෙ ,ම්ම්ම්ම් "
" හො... හොබී වේහ්හ්හ්හ් ,මොනාද අයියෝ අහන්නෙ ඔයා "
" ම්ම්ම්ම්..අනී . ඒක වැඩක් නැහැ "
" මොනවද මන්දා ,පිස්සුද ?"
" අපි යමු නේද , සීතලයී ."
හොබී නැගිටලා අයිශුට අත දුන්නෙ අනිත් අතින් අයිශුගෙ ඔලුව අතගාන ගමන්.
..............................................................................
හොබී ගෙදර ගිහින් හෙව්වෙ ජිමින්ව .ඒත් ජිමින් කාමරේ හිටියේ නැහැ .හොබී පහලට එද්දි ජූන් පොතක් කියවනවා.
YOU ARE READING
With you Without you ( Completed )
Fanfictionආදරේ කියන්නේ ලොකු ප්‍රෙහේලිකාවක් . ඒ ප්‍රෙහේලිකාව විසඳගන්න හැමෝටම බැහැ . ඒ නිසයි ලෝකේ හුඟාක් මිනිස්සු ආදරේ කොයිතරම් ලස්සන උනත් ඒකේ නියම රසය දන්නෙ නැත්තෙ. ආදරේ පාට , සුවඳ මෙන්න මේකයි කියලා රාමු කරන්න බැහැ . ඒක අසීමාන්තිකයි; ආත්මීයයි. ඒ අපූරු හැඟීම ආත...