🌵ආරම්භය🌵

160 29 52
                                    

ලී ගොඩනැගිලිවලින් සමන්විත නගරය හරහා කර්කශ සුළං පහරක් හමාගෙන ගියේ වියලී මිය ගිය සැහැල්ලු කුඩා පඳුරක් ගසාගෙන යන අයුරින්.විටා මොන්ටානා නගරයේ වැසියන්ට එය එදිනෙදා ඇස ගැටෙන තවත් සාමාන්‍ය දර්ශනයකට පමණක් සීමා උනා.මලහිරු බසිමින් තිබූ වේලාව නිසා සුපුරුදු ලෙසම නගරයේ තැබෑරුම පමණක් ජනාකීර්ණ ස්වභාවයක් ඉසිලුවා.

පිටත වීදියේ හෝ ඉදහිට දුඹුරු පැහැයට හැරුණු ගසක් දෙකක් පමණක් ඇති තැනිතලාවේ හෝ ඇති නිහඬ නිසල ජනශුන්‍ය බව තැබෑරුම ඇතුළතට වලංගු කාරණයක් වුනේ නෑ.දවල් කාලයේ අධික හිරු එළියේ කාර්‍යයන් කරමින් වෙහෙසට පත් ගැටවරයන් මෙන්ම තලතුනා පිරිමින්ද හවස් යාමය ගෙවීමට මෙහි පැමිණීම පුරුද්දක්.මේ නිසා ගොම්මන් යාමයේ මේ තැබෑරුමේ හිස් පුටුවක් පැවතියේද ඉතා කලාතුරකින්.

මේ කලබලකාරී තැබෑරුමේ කවුන්ටරය අසල පුටුවේ වාඩිවී සිටියේ තරුණයෙක්.ඔහුගේ රතු උඩු කබායේ වම් පස පැලද සිටි  තරු ලාංඡනය තැබෑරුම් වහලේ එල්ලා තිබූ ලාම්පු එළියෙන් දිස්නෙ දුන්නා.පුළුල් වාටියක් තියෙන හිස්වැස්ම සකසා ගත්ත ඔහු නිහඩවම කවුන්ටරයට තට්ටුවක් දැම්මා.

"ෂෙරිෆ් ටෙයොන්,අද මොනවද බොන්නෙ?පුරුදු ජාතියම?"

"ඔව් ජුන්"

ෂෙරිෆ් එයාගෙ ගැඹුරු හඩින් උත්තර දුන්නෙ කාසි කීපයක් කවුන්ටරේ උඩට අතාරින ගමන්.ෂෙරිෆ් ටෙයොන්-ගෙවල් විසිපහකට සීමා වුණු විටා මොන්ටානා නගරේ නීතිය හා සාමය ගැන වගකීම දරන්නා.

නීතිය අකුරටම ක්‍රියාත්මක වීම නිසා නගර වැසියන්ගෙ හිතේ ෂෙරිෆ් කෙරෙහි බය මුසු ගෞරවයක් තිබුණා.ඒ නැතත් ඉදහිට ඇතිවන කම්කරු ගැටුම් නිරාකරනෙට ටේයොන්ගෙ අහසට තියන එක වෙඩිල්ලකට පුළුවන් උනා.මේ නිසා විටා මොන්ටානා නගරෙ තත්වය සාමකාමී බවක් ඉසිලුවා.

බාර්කීපර් ජුන්  ලී ජොග්ගුවකට පීප්පෙන් වයින් පුරවලා කවුන්ටරේ උඩින් තිබ්බා.සෙමෙන් වයින් තොල ගාන්න පටන් ගත්ත ෂෙරිෆ්ට අසල නගරවාසීන් දෙන්නෙක්ගෙ කතාවට අහම්බෙන් අවධානය යොමු උනා.

"මෙන්න සයිස් අස්ස කරත්තෙ.හොඳ නාඹර අස්සයො දෙන්නා.ගාත් වාත්තුකරලා වගේ.පැයට හැතැප්ම හැටකවත් වේගෙන් යන්න පුළුවන්.

Vita Montana|vmin|friendship Where stories live. Discover now